Home » » පැරෂුටයෙන් ආමි අපේ අම්මාව කාමි. Ape Amma attackers

පැරෂුටයෙන් ආමි අපේ අම්මාව කාමි. Ape Amma attackers

Monday, June 14, 2021 | 3:00 AM

පැරෂුටයෙන් බැහලා අපේ අම්මාව පාගා දමන්න  උත්සහ කරන්නේ කව්ද.

මේ හැමදෙයක්ම කියන්න හේතුවුනේ යුටියුබයේ සිටින ශ්‍රී ලාංකිකයන් ආයතන ප්‍රධානියා රවටා දිගින් දිගටම අපේ අම්මා චැනලයට තරුණ තරුණියන් දම්මලා මඩ ගසන ක්‍රියාකාරකම් කරන නිසාය. යුටියුබය යනු ශ්‍රී ලාංකිකයන්ගේ ආයතනයක් නොව ඇමරිකාවේ ආයතනකි, ඇමරිකාවේ එකක් නිසයි මා මෙතන රැදී සිටින්නේ.
මම මේ ආයතනයෙන් යැපෙන්නේ නැත,  මම නිසා බොහෝ දෙනෙක් ජීවත් වෙනවා ඇත. මම මේ ආයතනයෙන් යැපෙනවානම් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න තිබුනා. යුටියුබ් ආයතයේ ශ්‍රී ලාංකිකයන් තමන්ගේ කෙනා නිසා මගෙන් පලිගත්තා සහ පලිගනිමින් සිටිනවා.

   යුටියුබ් එකේ රතු පාට රවුමක් අතුලේ ඉංග්‍රීසි අකුරු 2ක් තියෙන චැනල් එකක් 2019 නොවැම්බර් මාසේ පටන් ගත්තා. මේ චැනල් එක පිටිපස්සේ ඉඳලා පටන් ගත්ත කෙනා මුල සිටම අපේ අම්මා චැනලයට පහර ගැහුවා. (යුටියුබය හරහා)

මේ පහර ගැසීම් වලට ප්‍රධානම හේතු කාරණා කිහිපයක් ඇත, පළමුවෙනි කාරණාව යුටියුබයට සම්බන්ධ එක්තරා කුකින් චැනලයක් අභිබවා අපේ අම්මා සිටීමයි,  ඊලඟ කාරනාව අපේ අම්මා චැනලයේ වීඩියෝ ඇතුලේ බඩු පෙන්වා,කෑම පැකට් පෙන්වා වෙළඳ දැන්වීම් කරන්න භාර ගත් නැති නිසාය.  ඒ නිසා වෙළඳ දැන්වීම් පෙන්වන්න චැනල් අවශ්‍ය වුනා. (දැනට වෙළඳ දැන්වීම් කරන චැනල් කිහිපයක් මුලින් මා සඳහන් කළ චැනලයට සම්බන්ධ සහෝදර සහෝඳරියන් සහ ඒ ගමේ තරුණ තරුණීයන්, ඒ අතර ඔවුන්ගේ අය පිටරටවල් වල සිටිමින් කුකින් චැනල් කරමින් වෙළඳ දැන්වීමක් කරන ගමන් අපේ අම්මා රෙසිපීස් වලට පහර ගසයි. මා ලඟ ඕනෑ තරම් සාක්ෂි ඇත.)

මෙ අතරතුර මේ තරුණිය වීඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ගණනාවක් කරලා තියෙනවා. විශේෂයෙන්ම මම පාවිච්චි කරන භාණ්ඩ පාවිච්චි කරමින් ඒ භාණ්ඩ නිශ්පාදනය කළ ආයතන හා සම්බන්ධ වෙලා ඒ භාණ්ඩ පාවිච්චි කරමින් මුදලට වීඩියෝ කළා. මේ තරම් කැත කමක් හරිම අප්පිරියයි. (යුටියුබ් මැරවරියන්) මෙවා පිටුපස අපේ අම්මා චැනලයට පහර ගසන චැනලය සමඟ එක්වී කටයුතු කරන්නේ වෙළඳ වැඩසටහන් නිෂ්පාදනය කරන ආයතනයි. ඒ ආයතන වලින් ජීවත් වන බොහෝ අය සිටිනවා, ඒ අයගේ ජීවිකාව ගෙනයන්න ඔවුන්ට වෙළඳ වැඩසටහන් අවශ්‍යයි. එහෙත් මෙතන සිද්ධවන්නේ අපේ අම්මා චැනලයට මඩ ගසමින් පලිගැනීමකි. රතු රවුමේ ඉංග්‍රීසි අකුරු තියෙන චැනලය සහ තවත් චැනල් යුටියුබය හරහා සිදුකරන්නේ ප්‍රෝඩාවකි, ඔවුන් වෙළඳ දැන්වීමක් කළ හැම වීඩියෝවක්ම වැඩි වීඩියෝවක්ම වැඩිපුරු දැක්කේ වෙනත් රටවල අයයි. (සාක්ෂි ඇත) ඔවුන්ගේ එවැනි වීඩියෝ පිටරටට පෙන්වීමේ ක්‍රම කිහිපයක් ඇත. ඒ ක්‍රම වලින් වෙනත් රටවල වීඩියෝ අතරමැද්දට මේ වීඩියෝ පෙන්වා විවිස් අරන් දෙයි,  ස්ක්‍රින් රෙකෝඩින් මේ පෝස්ට් එකේ ඇත. 


ඔබට වෙනත් චැනලයක මේ වගේ රෙසිපි වීඩියෝ එකක් දුටුවොත් හොඳින් බලන්න පාවිච්චි කරන සාස්පානේ රයිස් කුකර් එකේ, එහෙම නැත්නම් ජෙලි පැකට් එකේ, ආහාර භාණ්ඩ, ඉලෙක්ට්‍රික් භාණ්ඩ වල, අවන් එකේ,  ආයතයේ ලෝගෝ එක ලාංජනයට ඉතා සුක්ෂම ලෙස කැමරාව අල්ලන ආකාරය. මට කමක් නැහැ ඔවුන් මොන දේ කළත්. නමුත් මේ පිටුපස සිටින කණ්ඩායමක් යුටියුබයේ සිටින ඔවුන්ගේ හිතමිතුරන් හරහා අපේ අම්මා චැනලයට පහර දෙන්නට කරන මේ සැලසුම් සහගත ක්‍රියාකාරකම් නිසයි කියන්නේ. 

 මා දැන් කියන්න යන තරුණිය දම්මවා චැනල් එකක් ආරම්භ කළා. කෙසේ හෝ පටන් මුල් කාලේ  ඇයට ස්බ්ස්ක්‍රයිබර්ස්ලා ඇරන්දුන්නේ වීඩියෝ පෙන්නුවේ මගේ වීඩියෝ බලන්න එය එයට ඇයගේ වීඩියෝ පෙන්නලා. මගේ හැම වීඩියෝ එකක්ම යට ඇගේ වීඩියෝ එකක් දැම්මා. (සමාන්‍යයෙන් අලුත් කුකින් චැනල් එකක් හෝ ඕනෑම චැනල් එකක් එකපාර උඩට එන්න නම් මිනිස්සු පිස්සු හැඳිලා වගේ බලන චැනල් එකක් විය යුතුයි. එහෙම බලලා ශෙයා කරන වීඩියෝ විය යුතුයි. ) 

                    මේ එක උදාහරණයක්. බලන්න.


 මෙහෙම දැම්මාම මගේ වීඩියෝ බලපු අය ඊලඟට බලන්නේ ඒ යට තියෙන වීඩියෝ එක. ඒ චැනල් එක ලවා අපේ අම්මාට පහර ගැසු කාන්තාව කළේ මගේ ගොඩාක් දෙනෙක්ට යුටියුබය මගින් යවන්නේ නැතුව හිර කර තිබු වීඩියෝ සහ ඒවා ඇතුලේ තියෙන ප්‍රධාන ටිප්ස් ටික මේ තරුණිය ලවා කරවීමයි. 

ඉන්පසු මේ කාන්තාවට සම්බන්ද  යූටියුබයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ උදව්වෙන්. රතු රවුමේ ඉංග්‍රීසි අකුරු දෙකේ චැනලයේ වීඩියෝ අපේ අම්මාගේ වීඩියෝ යටට දමා පෙන්වුවා. ඒ වීඩියෝ බලන අය දන්නේ නැහැ මේක අපේ අම්මාගේ ටිප්ස් සහ රෙසිපි වලින් කරපු එකක් කියා. මිනිස්සු හිතනවා මේ තරුණිය කරපු දේවල් හරි හරියට කියලා දුන්නා කියලා ඉබේම ඒ චැනල් එකට සබ්ස්ක්‍රයිබර්ස්ලා එනවා නරඹන ගාන වැඩි වෙනවා. මේ ආකාරයෙන් තමයි යුටියුබය ඇයට සබ්ස්ක්‍රයිබර්ස්ලා එකතු කරලා දුන්නේ.  ඒ විතරක් නෙවෙයි මගේ පරණ වීඩියෝ වල කටහඬ සමාන කටහඬ පුහුණුවකුත් ඇතුවයි ඒ වීඩියෝ ඉදිරිපත් කරන්නේ. ඒ සිද්දියෙන් පසු මම මගේ කටහඬ කියන ක්‍රමය තාලය වෙනස් කළා. මේ කණ්ඩායම යුටියුබයේ අනුහසින් කටහඬ සම්බන්දව කළ තක්කඩිකම් වීඩියෝ එකකින් කියන්නම්.මේ ආකාරයෙන් මගේ රෙසිපීස්ම වෙනත් නම් දමා කරවමින් තමන්ට කරගන්න බැරි වුනු පලිය ඇය ලවා කරවගත්තා. 


මම ඉස්සර සමහර වීඩියෝ වලදී මාස 9කින් මට ලක්ෂයක් ආවා කියන කථාවට පහර ගන්න යුටියුබය හරහා මේ තරුණිය කළ මගෙන් කොපි කල වීඩියෝ සෙනඟට යවා හරියට මාස 9ක් යන විට මේ චැනලයට ලක්ෂ 2ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දීලා මට පෙන්නුවා. (හරියටම මාස 9ක් යන තැන)  එතනදි මට පෙන්නුවේ "හැමදාම මාස 9න් ලක්ෂයක් ආවා" කියලා පෙන්වනවානේ, ඔන්න අපේ කෙනාට මාස 9න් ලක්ෂ 2ක් ආවා කියලා මට පෙන්න මේ තරුණ කාන්තාවගේ හෝම් පේජ් එකේ හෙඩර් එකේ දාලා පෙන්නුවා. කොයි තරම් කැතද.

 

 
මාස 9ක් යන විට මම වීඩියෝ 339ක් කරලා තිබුනා. ඒ මගේ බුද්ධිමය දේපළයි.
මාස  9ක් යන විට ඇය මගෙන් කොපි කළ වීඩියෝ ඇතුලුව වීඩියෝ 92ක් කරලා තිබුනා. මේ ටික බලන විට ඔබට පෙනෙයි යුටියුබය ඇතුලේ කොයි තරම් දූෂණයක් සිදුවී ඇතිද කියා.  

 

වැදගත් දෙයක් : - අපේ අම්මා චැනලයේ මේ වනවිට (2021-6-14) සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 20ක් පසුකර ඇත. ඒ වගේම නොටිෆිකේෂන් Bell සහ "All" බට්න් එක ප්‍රෙස් කරපු අය ලක්ෂ 7.7ක් ඇත. "All" බටන් එක ප්‍රෙස් කරලා තියෙනවා කියන්නේ ඒ අය අනිවාර්යයෙන්ම අපේ අම්මා චැනලය වීඩියෝ තමන්ගේ ෆෝන් එකට එනවාට කැමැත්තෙතන් ඉන්නවා කියන එකයි.  මේ ස්ක්‍රින්ෂොට් එක බලලා තේරුම් ගන්න.



අපේ අම්මා වීඩියෝ එකක් දැම්මොත් අඩුම ගණනේ, අඩුම ගණනේ එක දවසකට ලක්ෂයක්වත් බලනවා ඇත. එසේ බැලුවොත් වීඩියෝ එක ට්‍රෙන්ඩින් යනවා ඇත. වීඩියෝ එක ට්‍රෙන්ඩින් ගියොත් සබ්ස්ක්‍රයිබර්ස්ලා දෙගුණ තෙගුණ වෙනවා ඇත. දැන් යුටියුබය කරන්නේ අපේ අම්මා වීඩියෝවක් අප්ලෝඩ් කළ පසු සංඛ්‍යා ලේඛන වෙනස් කර (සොෆ්ට්වෙයා ජිල්මාට්) පෙන්වීමයි. 


අපේ ලඟත් සොෆ්ට්වෙයා එන්ජිනීයර්ස්ලා දෙදෙනෙක් ඇත. මේ දේ දකින්නට සොෆ්ට්වෙයා එන්ජිනීයර්ස්ලා අවශ්‍ය නැත. ඔවුන් කරන්නේ, ඇයගේ වීඩියෝ පිටරටට පෙන්වා විවිස් අරන් දෙන අතර අපේ අම්මා විව්ස් අඩුයි කියා අඩු කර පෙන්වීමයි. "All" බට්න් එක ප්‍රෙස් කර ලක්ෂ 7ට කාගේ පිහිටද? බොරුව වංචාව, දූෂණය. දූෂණය. දූෂණය සහ මඩ ගැසීම. එසේනම් අපේ අම්මාට මඩ ගසන්නේ කව්ද කියා ඔබට සිතාගන්නට පුලුවන.

දැන් මේ වගේ ඔවුන්ට තව ඉලක්ක තියෙනවා ඒ ඉලක්ක කරා යන්න තමයි මේ වැරදි පාරේ යන්නේ. මම හිතනවා අපේ රටේ වීඩියෝ බලන සාමාන්‍ය මිනසුන්ට සහ සත්‍යවාදි තරුණ තරුණියන්ට මෙතන වෙන හොර ජාවාරම පෙනෙනවා ඇති කියා.
වීශේෂයෙන්ම කියන්න දෙයක් තියෙනවා. මගේ වැඩියෙන් බලපු වීඩියෝ එකකට පහර ගහන්න නම් යුටියුබයට සම්බන්ධ කුකින් චැනල් ලවා ඒ වීඩියෝ එක කරලා ඒකට පිටරට වලට පෙන්නලා විව්ස් අරන් දෙනවා. ඒ වගේ ගොඩාක් ස්ක්‍රීන් රෙකෝඩින් මං ලඟ තියෙනවා. මේ පෙන්නන වීඩියෝව දැනට මම පාවිච්චි කරන රයිස් කුකර් එක පාවිච්චි කරලා මේ තරුණිය ඉතාම ජරා, කැත වැරදි රෙසිපි එකක් කරනවා. ඕනේම රෙසිපි එකක් වීඩියෝ එක දාලා පලවෙනි සතියේ උඩට එන්න ඕනේ.
එහේම උඩට ආවොත් තමයි ඒ රෙසිපි එක උඩ තියෙන්නේ නැත්නම් යටටම යනවා. මේ තරුණිය මගේ ලග තියෙන ජාතියේ රයිස් කුකර් එකක් අරගෙන ඒකේ ඉතාම ජරා කැත අප්‍රසන්න බත් එකක් උයනවා. දැන් මේ බත් එක අපේ රටේ අය බැලුවොත් උඩට එන්නේ නැහැ ඒ නිසා මුලින්ම කරන්නේ පිටරටට පෙන්වන එකයි. පිටරටට පෙන්වන්නනම් පිටරට මාතෘකාවක් මේකට දාන්න ඕනේ. ඒ නිසා මෙන්න මේ මාතෘකාව දාලා   "since i knew that rice can be cooked like this"      වීඩියෝ එක දාලා තියෙනවා. මේ වීඩියෝ එක අප්ලෝඩ් කල දවස් වල මිලියන ගනන් බලපු කොරියන්  රෙසිපි එකක්  ජනප්‍රිය වෙලා තිබුනා. ඒ දවස්වල මේක පිටරටට පෙන්වුවා. හැබැයි වීඩියෝ එකේ තිබුනේ මට පහර ගන්න කළ බොරු රෙසිපියක්.

ස්ක්‍රින් රෙකොඩ් කළ එක උඩ ඇත බලන්න.



මම දන්නවා මේ තරුණියගේ පිටි පස්සේ ඉන්න කෙනා සහ කණ්ඩායම, ඔවුන්ගේ අරමුණ වුයේ. මේ අපේ අම්මාගේ රයිස් කුකර් එක, අපේ අම්මා තමයි මේ බත් එක ඉව්වේ කියලා මිනිසුන්ට කියන්නයි. එහෙම කීමේ අදහසින් වීඩියෝ එක ඇතුලේ මම පාවිච්චි කරන ජාතියේම කුඩා ග්‍රේටර් එකකින් කැරට් ග්‍රේට් කරලා පෙන්නුවා. මම පාවිච්චි කරන ජාතියේ පොල් තෙල් බෝතලයකින් පොල් තෙල් වක්කරලා පෙන්නුවා. මගේ පරණ වීඩියෝ වල කටහඬින් ඇය කථා කරනවා. මගේ පරණ වීඩියෝ බලන අයට පැත්තකින්, ෆෝන් එක යටින් මේ වීඩියෝ එක එනවා.

මෙතන ඔවුන් උත්සහ කරන්නේ වීඩියෝ බලන අයව පැටලවීමක් මුලා කිරීමකි. කෙසේ නමුත් මේ වැරදි රෙසිපිය සහිත වෛරී බත් එක මාස 2 1/2කට ලක්ෂ 10කට පෙන්වා අවසානයි.
මේ කාන්තාව කළ පහත් ක්‍රියාව නිසා, ඉන්පසු මම මගේ රයිස් කුකර් එකේ බත් එකක් උයලා අර විදියම පිංතූරයක් දමලා අප්ලෝඩ් කළා, මෙවැනි ක්‍රියා මම කිහිපවතාවක් යුටියුබයට ස්ක්‍රීන් රෙකෝඩින් ඇරියා මෙවා අසාධාරණ වැඩ කියලා.  මේ හොර වැඩේ මම කියලා ඇරියේ නැහැ ස්ක්‍රින් රෙකොඩින් තියාගත්තා. තියාගෙන ඒ රයිස් කුකුර් එකේම මේන්න මේ ආකාරයේ පිංතුරයක් දාලා වීඩියෝ එකක් අප්ලොඩ් කළා, දැන් යුටියුබ් ආයතනය දැනගත්තා මට මේක අහුවුන බව.

මේ තියෙන්නේ අපේ අම්මා අප්ලෝඩ් කළ රෙසිපිය.


ඔබට මම තව උදාහරණයක් පෙන්වන්නම් මේ තියෙන්නේ සෝෂල් බ්ලේඩ් socialblade.com කියන වෙබිසයිට් එක, මේකේ යුටියුබ් චැනල් වල හැම විස්තරයක්ම තියෙනවා. අපේ අම්මා චැනල් එකේ මේ වන විට (2021-6-14) වීඩියෝස් 1250ක් තිබෙනවා. මේ තරුණිය මේ වනවිට වීඩියෝස් 330යි කරලා තියෙන්නේ. ඒ 330නුත්  300ක් පමණ මගේ රෙසිපීස් ඒ හැම රෙසිපියක්ම මගේ රෙසිපීස් සහ ටිප්ස් ඒ වගේමයි අපේ අම්මාගේ රෙසිපිස් වල ඇත්තේ අධ්‍යාපනික දැනුම සහ මගේ බුද්ධිමය දේපළයි.

යුටියුබය මේ තරුණිය ඇතුලු තවත් තරුණීයෝ කිහිපදෙනෙක් ලවා ඉතාමත් සාහසික ලෙස මගේ රෙසිපීස් වලට පහර ගසමින් මගේ රෙසිපිස් බැලු ගාන පසුකර ඔවුන්ගේ වීඩියෝ උඩට ගෙන ඇත. (හැම එකකම ස්ක්‍රින් රෙකොඩින් ඇත)

මේ තියෙන්නේ තවත් එකක්. ඉන්දියාවේ වැඩියෙන් බලන කුකින් චැනල් වල වීඩීයෝ මැද්දට රිංගවා මේන්න මේ ආකාරයට ඔවුන්ගේ වීඩියෝ පෙන්වනවා ඇත.
ඔවුන්ගේ වීඩියෝ එසේ පෙන්වන අතර මගේ වීඩියෝ සෙනඟ බලන්නේ නැහැ, ලයික් කරන්නේ නැහැ, කමෙන්ට් කරන්නේ නැහැ කියමින් මෙම ආයතනය වැරදි දත්ත පෙන්වයි.

මෙතන තියෙන්නේ එක උදාහරණයක් විතරයි. මේ දවස් වල මේ තරුණිය ඇතුලු කණ්ඩායමේ පිටරටට පෙන්වා වැඩියෙන් විවිස් අරන් දුන් රෙසිපීස් වල ස්ක්‍රීන් රෙකෝඩින් ගොඩාක් තියෙනවා. මම මගේ යාළුවන් අතරේ යවලා තියෙන්නේ.


බලන්න මේ තරුණියගේ පසුගිය මාසය තුල බලෙන් යුටියුබය විසින් පෙන්නපු ප්‍රමාණය. කව්ද නැරඹුවේ කියා ඔවුන් තමයි දන්නේ. (socialblade website එකෙන් බලන්න)
වීඩියෝස් 330ක් තියෙන චැනල් එකේ  ස්බ්ස්ක්‍රයිබස්ලා ආපු හැටි මේවා සල්ලි දීලා ගත්තාද එසේ නැත්නම් මේ ආයතනයෙන් වෙසක් එකට ඇයට දන්සලක් දුන්නාද.


මොවුන් මඩ ගහනවා මට වැඩියෙන් සල්ලි හම්බුකරන චැනල් එක කියා, සල්ලි හම්බුවෙන්නේ සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයට නොව නැරඹු ප්‍රමාණයටයි. හොඳම විහිලුව වන්නේ, වීඩියෝස් 1250ක් තියෙන චැනල් එකේ වීඩියෝ බලලා තියෙන්නේ දවසට 400,502යි (මේ ප්‍රමාණය සම්පූර්ණයෙන්ම අසත්‍යක්.)  ඒ වුනාට වීඩියෝ 330ක් තියෙන චැනල් එක
දවසට 412,876 තියෙනවා මේවා කොහේ තියෙන ගනිත ක්‍රමද.

මේ ලොක්ඩවුන් කාලේ අනුව බලන්න වැඩියෙන් බලලා තියෙන්නේ කාගෙද කියලා, මේ කාන්තාව පිටුපස ඉන්න කාන්ඩායම මට මඩ ගහලා වීඩියෝ දානවා මම සල්ලි හොයනවා කියලා. 

මට සල්ලි හොයන්න අවශ්‍යනම් මේ එක රෙසිපියක්වත් නොදි ටිප්ස් කියා නොදි රෙස්ටුරන් එකක් දාගන්න තිබුනා. කාන්තාවෝ 100 දෙනෙක් විතර දාලා ටොෆී, රසකැවිලි හදන ෆැක්ටරියක් දාලා සල්ලි හොයන්න තිබුනා මම මගේ බුද්දිමය දේපළ නොමිලේ දුන්නාම ඒවා මංකොල්ලා කාලා එවයින් වීඩියෝ කරලා මටම පහර ගහනවා. දැන් ඔබට පෙනනෙවා ඇති මේ ලොක්ඩවුන් සීසන් එකේ නැරඹූ විවිස් ප්‍රමාණයෙන් සල්ලි වැඩියෙන් හෙව්වේ කිව්ද කියලා. 

ඊලඟ කිවයුතු වැදගත්ම කාරණාව නම් මේ අයගේ වීඩියෝ බලන්නේ වැඩිපුරම පිටරට අයය. ඒ නිසා ඔවුන්ට අපේ රටේ මිනිස්සු බලනවාට වඩා 4-5 ගුණයකින් ඩොලර් වලින් මුදල් ලැබෙනවා ඇත.  

අනිත් දෙන්නාගේ චණ්ඩිකම් ඊලඟට දාන්නම්.
මතු සම්බන්ධයි.


යුටියුබ් එකේ අපේ අම්මාට අපහාස කළ තවත් අයෙක් ගැන දැනුවත් වෙන්න. ​http://www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html


වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. http://www.apeamma.com/2021/01/blog-post.html  

යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය ​http://www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html  

යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? http://www.apeamma.com/2021/04/blog-post.html  

අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් http://www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html  

සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. ​http://www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html


This recipe I'm talking about above was done by another channel to make it look like it was done by "Ape Amma" Youtube channel. By using the same utensils and equipment that I used in the videos, a regular viewer can easily get confused.  And that recipe was really bad and unappetizing, so if anyone tried that recipe thinking it was done by me (Ape Amma) and tried it the people who tried that recipe will only think bad about me.  It's also one of their aims by doing that video.

 මෙවත් බලන්න.



SHARE

5 comments :

  1. owata salenn epa ape amma api innwa

    ReplyDelete
  2. We are always with you ape amma

    ReplyDelete
  3. Ape amma thamayi mama mulinma subscribe kala channnel eka
    Anith channel monava kalath api ape amma ekkayi 😄😄

    ReplyDelete
  4. API hemadamath ape amma ekka innawa

    ReplyDelete