Home » » යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න Who insulted Ape Amma in youtube

යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න Who insulted Ape Amma in youtube

Thursday, January 14, 2021 | 4:54 AM

 
අපේ අම්මාගෙන් උයන්න ඉගෙන ගත් සබ්ස්ක්‍රයිබර්ස්ලා වෙබ් සයිට් වලින් මුදලට ගත් තරුණියක් (සාක්ෂි ඇත) අපේ අම්මා ඇයගෙන් කොපි කර උයනවා කියා මඩ පෝස්ට් කිහිපයක් යුටියුබ් කමියුනිටි එකේ දමා ඇත. මේ පිළිබඳව ඔබ පහත තිබෙන විස්තරය කියවා දැනුවත් වෙන්න.
අපේ අම්මා චැනලය පටන් ගත් දින සිට මේ චැනලය කරන තරුණිය අපේ අම්මාට පන්න පන්නා පහර ගැසුවා. අපේ අම්මාගේ රෙසිපීස් මංකොල්ල කමින් තමන් අලුතෙන් කරන දෙයක් ලෙස කියමින්, "වරදින්නේ නැතුව",  "තේ බොන වෙලාවට", "කම්මැලි වෙලාවට" යන නම් යොදමින් කියමින් එම රෙසිපීස්ම නැවත කරමින් යුටියුබයේ සිටින ශ්‍රී ලාංකිකයන් හරහා වැරදි ගමනක් යමින් සිටි.
(යුටියුබ් ආයතනයයේ සිටින  ශ්‍රී ලාංකිකයන් අපේ අම්මා චැනලය පහත හෙලන්නට ඉතාමත් සූක්ෂම ලෙස කටයුතු කරමින් සිටි. අපේ අම්මා චැනලය ඔවුන්ට බාධාවක් වී ඇත්තේ, යුටියුබයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට සම්බන්ධ වැඩිහිටි කාන්තාවකගේ වැරදි රෙසිපීස් මිනිසුන් ප්‍රතික්ෂේප කර අපේ අම්මාට ලං වූන බැවින් සහ වීඩියෝ ඇතුලේ ඔවුන් කරන වෙළඳ වැඩසටහන් වලට අපේ අම්මා නිසා පහර වැදුන නිසයි. යුටියුබය සම්පූර්ණයෙන්ම ලංකාවේ ව්‍යාපාර ආයතන සහ වෙළඳ වැඩසටහන් නිශ්පාදනය කරන ආයතන හා සම්බන්ධ වී වෙනත් ගමනක් යමින් සිටි. අපේ අම්මා චැනලය වෙළඳ වැඩසටහන් නොකරන නිසා ඔවුන්ට මෙම චැනලය හිසරදයක් වී ඇත. එකම ගමක සහ එකම කණ්ඩායමකට අයිත් කිහිප දෙනෙක් යුටියුබයේ බලය පතුරවමින් සිටි.)
ඉහත සඳහන් කළ මේ තරුණිගේ සහ තවත් තරුණියන් කිහිප දෙනෙක්ගේ වීඩියෝ අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන්නේ මේ අය වෙළඳ ආයතන වලින් මුදල් අරගෙන වීඩියෝ ඇතුලේ බඩු විකුණන නිසාය. මෙයට සම්බන්ධ ප්‍රධාන නායිකාව සමග මෙම වෙළඳ ආයතන සහ වෙළඳ වැඩසටහන් නිෂ්පාදනය කරන ආයතන අතර ඉතා සමීප සම්බන්ධතාවයක් තිබෙන නිසාය. මේ අපහාස කළ තරුණිය මේ දමා තියෙන්නේ දෙවනි පෝස්ට් එකයි, පළමුවෙනිම එක කළේ 2018 වසරේ දෙසැම්බර් 4 වන දින මේ පහතින් සඳහන් පෝස්ට් ඒක සම්බන්ධවයි.



මැය මුල් කාලේ සිටි අපේ අම්මාගේම රෙසිපිස් නැවත කරලා අපේ අම්මාට අපහාස කළේ මේ ආකාරයටයි. උදාහාරණයක් වශයෙන් මේ රෙසිපිය බලන්න.
මේ පිංතූරය සාදා ඇත්තේ ඒ තරුණියයි, ඉහත තියන පිංතූරයේ මා නම දමා ඇත්තේ, "බීටර් නැතුව අතින්ම සාස්පානේ හදන කප් කේක්" කියාය.
මේ රෙසිපිය මම අවන් එක නැතුව, සාස්පානේ එපමණක් නොවේ  ගෑස් ලිපේ සාදා ඇත. ඇය දිගින් දිගිටම කළ තක්කඩි ක්‍රියාවනම් මා කළ රෙසිපියම සොරකම් කර එම වීඩියෝ ඇතුලේ මා කියන වචනයක් හෝ මා කළ දේවල් වලින් වචන සොරාගෙන විඩියෝ එකේ මාතෘකාව සෑදිමයි. (හෙඩින් එක දැමීමයි)
ඉන් පසු  ඇය මගේ වීඩියෝ එකේ තියන හැම දෙයක්ම ඒ විදියට කර නම වෙනස් කර අප්ලෝඩ් කළා.  පුදුමයට කරුණ නම් ඇය හෙඩින් (මාතෘකාවට) එකට දමා ඇත්තේ මා වීඩියෝ එක ඇතුලේ කියන වාක්‍ය ටිකය.  යුටියුබ් ගණිත ක්‍රමයට අනුව යම්කිසි වීඩියෝවක තියෙන නමක් තවත් කෙනෙක් කර තිබෙනවානම් ඒ නමට සමාන නම් පැත්තකින් එනවා.  එවිට මගේ වීඩියෝ එකක් පැත්තකින් එයි. මිනිසුන් මගේ වීඩියෝ එකක් දැක්කොත් හිතනවා අපේ අම්මා තමයි මේක කලින් කරලා තියෙන්නේ කියලා. එය දැනගැනීම වැලක්වීමත් මේවැනි වෙනස් කර දෑමීමට තවත් හේතුවක්.
මැය මගේ රෙසිපිය කොපි කර නම් වෙනස් කර දැම්ම පසුව මම මගේ වීඩියෝවේ නම වෙනස් කර "කමියුනිටි සෙක්ෂන්" (Youtube community section) එකට වීඩියෝ එක දැම්මා. එවිට වීඩියෝ බලන අය දැන ගන්නවා ඇය මගේ වීඩියෝ එකක් කොපි කර ඇති බව. මේ ලැජ්ජාව වසන් කරගැනීමට සහ ඇය කුකින් වලට අලුත් කෙනෙක් නිසා ප්‍රසිද්ධිය ලබා ගන්න සහ වීඩියෝ බලලා උයන්න නැති අයව නොමග යැවීමේ අදහසින් මෙය කළා.

පසුගිය දිනක නැවතත් අපහාස කර දැමූ පෝස්ට් එක දැමු අවස්තාවේ, මැය ඉන්දියාවේ චැනල් එකකින් කොපි කළ පිට්ටු රෙසිපියක් දමා තිබුනා. ඒ රෙසිපිය දමා දිනකට පසු මා කලින් කර තිබුනු ගොටු පිට්ටු රෙසිපියක් දැම්මා. මා කර තිබුනේ සාම්ප්‍රදායික ගොටු පිට්ටු රෙසිපියක්, ඇය කර තිබුනේ ඉන්දියාවේ යුටියුබ් චැනල් වල කෝප්ප වලට දාලා පිට්ටු හදන ක්‍රමයක්. මගේ වීඩියෝව ඇතුලේ ක්‍රමක් 4ක් පෙන්වා ඉන්දියාවේ කරන ක්‍රමයත් පෙන්වු නිසා සහ ඇගේ වීඩියෝවේ යම් යම් වැරදි තැන් තිබූ නිසා ඇය කුපිත වුනා.
නැවතත් ඇය පරණ සෙල්ලම පටන් ගත්තා. මේ තියෙන්නේ එදා දැමූ පෝස්ට් එකයි. 

 


 ඇයගේ මේ පෝස්ට් එක පිටුපස සිටින්නේ වෙනත් කණ්ඩායමක්.  මුලින් ඇය මේ පෝස්ට් එකේ Ape Amma නම දමමින් අපහාස පෝස්ට් එක දමා තිබුනා. මෙය දුටු මගේ ෆෑන් කෙනෙක් මගේ පෝස්ට් එක යට ඇයට විරුද්දව නීතිමය පියවර ගන්න කියා සදහන් කර තිබුනා. වහ වහා ක්‍රියාත්මක වූ මේ කපටි තරුණිය ඇය දැමු පෝස්ට් එකේ අපේ අම්මා කියන නම ඉවත් කර "රෝස තොප්පි" චැනලය නමින් වෙනස් කර තිබුනා. මේ තියෙන්නේ එයයි.

යූටියුබ් ලෝකයේ  හමෝම හැමෝගේම විඩීයෝ බලමින් උයනවා. මැය සම්පූර්ණයෙන්ම උයන්න ඉගෙන ගත්තේ මගේ විඩියෝ වලින් බව මැගේ පරණ වීඩියෝ දැක ඇති අය සහ බලන අය කාටත් සක්සුදක් සේ පැහැදිලි වනු ඇත. මවක් හැටියට මගෙන් ඉගෙනගෙන කීයක් හරි හම්බුකරගන්නවානම් එය මට ලැබෙන පිනක්. එහෙත් ඇය දිගින් දිගටම මේ පහත් ක්‍රියාව කරගෙන යන නිසාත් මම ඇගෙන් කොපි කර උයනවා කියා චොදනා කරන නිසාත්, වීඩියෝ යට තමන්ගේම බොරු අකවුන්ට් වලින් වෙන අය මට බනිනවාසේ කමෙන්ට් දාගෙන එම වීඩියෝ වලට වෙබිසයිට් වලින් මුදලට ලයික් ලබාගෙන දිගන් දිගටම මට අපහාස කරන නිසා මම මේ ආකාරයෙන් පැහැදිලි කිරීමක් කරන්න තීරණය කළා.


 ඊට වඩා මෙහි ඇති ඉතාමත් පහත් ක්‍රියාව වන්නේ යුටියුබ් ආයනයේ ශ්‍රී ලාංකිකයන් මේ තරුණියගේ සහ තවත් තරුණ තරුණයන්ගෙ වීඩියෝ උඩට ගෙන අපේ අම්මාට පහර ගැසූ ආකාරයයි. (මේ තරුණිය පමණක් නොව, තව තරුණයන්, තරුණියන් සහ ගොසිප් චැනල් පාවිච්චි කරමින් ඉතාම කැත නින්දිත පහත්, නීච ක්‍රියා දාමයන් පෙළක් කරමින් පවතින බව මගේ රටේ ආදරණීයන්ට ඉදිරියේදී දැනගන්නට සලස්වමි)

වෙන කෙනෙක් කළ විඩියෝවකට සමාන විඩියෝවක් කිරීම තහනම් බව යූ ටියුබ් ආයතනයේ  කොතනකවත් නීතියක් නැත. සත්‍යම දේ නම් ඇය මගේ වීඩියෝ කොපි කර මට පහර ගැසූ බවයි. මේ පෝස්ට් එක යට මැයව මෙහෙයපු කාන්තාවත් මට අපහාස කර කමෙන්ට් දමා තිබුනා.
මේ අපහාසාත්මක පෝස්ට් එකට මට නීතිමය පියවර අරන් මැයගෙන් වන්දි ගන්න තිබුනා. මම එසේ නොකළේ අපේ රටේ මිනිස්සු මා ගැන දන්න නිසයි. ඒ නිසා මම යුටියුබ් ආයතනයට ඇය මට අපහාස කළ පෝස්ට් එක ගැන සදහන් කරමින් ඊ මෙල් එකකින් මේ පිළිබඳව පැමිණිලි කළා, හරියට හොරාගේ අම්මාගෙන පේන  අසනවා වැනිය. ඔවුන් ඒ පිලීබද නිසි පියවරක් ගත්තේ නැත.
මොවුන්ට තිබුනු ලොකුම ප්‍රශ්නය වන්නේ. මගේ වීඩියෝ කොපි කර අප්ලෝඩ් කළ දවසට ඔවුන් කොපි කළ මගේ ඔරිජිනල් වීඩියෝ එක මම නැවත යුටියුබ් කමියුනිටි සෙක්ෂන් එකට දැමීම දිගටම කළ නිසා, මෙහිදි මිනිසුන් දැනගත්තා මොවුන් කරන්නේ මගේම රෙසිපියේ කොපිය බව.  ඒ නිසා ඔවුන්ට හොර වැඩ කරන්න අමාරු වුනා.
මෙහි දෙවන කොටස වන්නේ. ඔවුන් මගේ වීඩියෝ එකක් කොපි කර දැමූ දවසට මම කමූනිටි සෙක්ෂක් එකට පරණ වීඩියෝ එක දමන එක නතර කරන්නට  ඉතා පහත් ක්‍රියාවක් කළා. ඒ පහත් ක්‍රියාවේ තිබුනේ මේ අදහසයි, "මේ විදියට අපේ කෙනෙක්ගේ  වීඩියෝ එකක් දැමු දවසට නුබේ (අපේ අම්මාගේ) විඩියෝ එකක් කමියුනිටි එකට දැම්මොත් දෙන දඩුවම මේකයි" කියා යුටියුබ් ගණිත ක්‍රමය ඔවුන්ගේ එම වීඩියෝ එක ලක්ෂ ගණනකට පෙන්වීමෙන් මට තර්ජනාත්මක ඉඟියක්  කළා. එවිට මගේ රෙසිපිය යට ගිහින් ඔවුන්ගේ රෙසිපිය සහ විඩියෝව උඩට ගෙන මිනිසුන්ට නොදැන ඉතා සූක්ෂම ලෙස පහත් ලෙස නිහඩවම මට පහර දුන්නා.

මේ විධිහේ පහුගිය කාල වකවානුවේ යුටියුබ් ආයතනය දිගින් දිගටම මේ ක්‍රියාව කරගෙන ආවා. එවැනි අවස්ථා වල මම ඔවුන්ට ඊ මෙල් වලින් යැව්වා ඔබ කළ මේ දෙය වැරදියි කියා. මගේ රටේ ආදරණීයන්ට මම දෙයක් කියන්න කැමතියි. පසුගිය 2016ට පෙර අපේ රටේ හැමෝම වෙන ලෝකවල්  වල ඉන්න කාලේක  මම යුටියුබ් එකට අවතීර්ණ වෙලා මිනිසුන්ට උයන්න උගන්වනකොට විවිධ වැඩසටහන් කරන ආයතන මට විරුද්ධව බොහෝ දේ කළා පහර දීමේ වැඩසටහන් කළා. අපේ රට පුංචියි හැංගි හැංගි වෙස් මුහුණු බැන්ඳත් නටන්න වෙන්නේ එළිපිටයි කියා කියමනක් තියෙනවා. ඒ නිසා මේ ක්‍රියාවන් කළ අය සහ මේ පිටිපස සිටින හැම කෙනෙක්ම මේ රටේ මිනිසුන් දැනටත් දැනගෙන හමාරයි. ඔවුන්ට අපේ අම්මා හිසරදයක් වුනේ ඔවුන්ගේ වැඩසටහන් වළ විකුණන පිලිකා කාරක ආහාර වර්ග මම කන්න එපා කියන නිසාය. මම වෙළඳ දැන්වීම් නොකරන නිසාය. මම කිසිම පක්ෂයකට කණ්ඩායමකට අයත් නොවන නිසාය තව බොහෝ දේ ඇත.

යූ ටියුබ් වීඩියෝ බැලීම සහ බැලවීම.
මෙම තරුණියගේ වීඩීයෝ යුටියුබය විසින් උඩට ගැනීමට විවිධ උපක්‍රම යෙදුවා. එක් දිනක මා දුටුවා  2019 වසරේ  යුටියුබයේ වීඩියෝ එක යට සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණය ඒ වෙලාමෙව ඕනේ කෙනෙක්ට බලන ආකාරයට වැටෙන ආකාරයට තිබුනා. එපමණක්ද නොව social blade කියන වෙබිසයිට් එකේ subscribers වැටෙන ආකාරය කොටු කිහිපියන් ප්‍රෙට්ට්‍රල් ශෙඩ් එකේ වගේ තිබුනා.
එක දවසක වීඩියෝ එකේ යට මැයගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණය ටක ටක ගාමින් ඉතාමත් වේගයෙන් යන ආකාරය මට ෆෑන් කෙනෙක් කිව්වා, ඉන්පසු මා එය බැලුවා, ඒ විට මම social blade වෙබිසයිට් එකේ ඇගේ විස්තර තියන පිටුවට ගියා එවිට ඇස් අදහාගත නොහැකි සිදුවීමක් සිදුවුනා  එදා දවසේ මෙම තරුණියගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි වන ප්‍රමාණය හරියට ප්‍රෙට්ට්‍රල් ෂෙඩ් එකේ මීටරය දුවන සේ පෙනෙන්නට තිබුනා.
සාමාන්‍යයෙන් චැනල් එකකට මේ ආකාරයට දවසකට සෙනඟ එන්නේ ලොව මවිත කරවන වීඩියෝ එකක් දැමුවොත් පමණයි. මැගේ තක්කඩි ක්‍රියාවනම් ඇය එකම වීඩියෝ එකක්වත් එදින දමා තිබුනේ නැත.ඒ පිළිබඳ සාක්ෂි ඇත.(අවශ්‍ය වෙලාවට අවශය තැනට ඉදිරිපත් කරමි)
පසුව මා එදිනම යුටියුබ් ආයතනයට මේ බව පැමිණිලි කළා කුමක් නිසාදයත් ඒ වන විට මගේ චැනලයේ වීඩියෝ 695ක් තිබුනා, සබ්ස්ක්‍රයිබරස්ලා 552,000ක් සිටියා. එදා මම වීඩියෝ එකක් දමා තිබුනා මගේ චැනලයටවත් එවැනි සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් එදින පැමිනියේ නැත.  යුටියුබය මේ පැමිණිල්ලට පිලිතුරු දුන්නේ එහි කිසි වැරැද්දක් නැති බවයි. හොරාගේ අම්මාගේ පෙන අසා අවසානයි.

යූටියුබයේ වීඩියෝ උඩට ගන්න පහසු ක්‍රමයක්.
මේ චැනලයේ හැම හෙඩින් එකකම කළු හාර්ට් එකක් දෙකක් හෝ පෙලක් සඳහන් කරයි. ෆෝන් වලින් බලනකොට පෙනෙන්නේ රතු හාර්ට්ය කම්පියුටරෙන් බලන කොට පෙනෙන්නේ කළු හාර්ට්ය.  යුටියුබයේ යම් යම් ඩිසයින් වෙනස් කරමින් නීති රීති හදාගනිමින් විවිධ රටවල් වලින් පැමිණ යුටියුබ් ආයතනයේ සේවය කරන අයට සම්බන්ධ යුටියුබ් චැනල් වලට විශේෂත්වයක් සලසන ආකාරක් අපට පෙනේ.
මා ඔබට පුංචි උදාහරණයක් පසවන්නම් මේ තරුණීයට යුටියුබයේ සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂයක් පැමිනෙන්න කිට්ටු අවස්ථාවක, යුටියුබය හදිසියේ පුංචි ගේම් එකක් දුන්නා ඒ තමයි මේ ස්ක්‍රින් ෂොට් එක බලන්න. 



යුටියුබයේ සෙප්පඩ විජ්ජාව.  (හොඳින් බලන්න.)උදාහරණයකට මේ ස්‍ක්‍රීන් ෂොට් එකේ මේ රවුම් කර තියන කමෙන්ට් එක බලන්න, මෙහි 132 කළු හාර්ට් එකක් Top කළු හාර්ට් එකක්. කුමක්ද මෙයින් පවසන්නේ.  අපේ අම්මා චැනලයේ වීඩියෝ වලට ප්‍රසාද් කුමාර නැමැත්තා කමෙන්ට් දැමු පසු අපේ අම්මා එයට රතු හාර්ට් 132ක් දමා ඇති බවයි. මෙය යුටියුබය නැවත උලුප්පා පෙන්වීමක් සිදුකරන්නේ මේ ආකාරයෙන්. 


(ප්‍රසාද් කුමාර නැමැත්තාගේ කමේන්ට් වලට ඔබ රතු හාර්ට් 132ක් දමා ඇත කියා යුටියුබය කළු හාර්ට් වලින් පෙන්වා දී ඇත) ප්‍රසාද් කියන තැනැත්තාට මා දැමු හාර්ට් ප්‍රමාණයද මෙතන තියන වැදගත්ම දේ.
මොවුන්ගේ මේ සෙප්පඩ විජ්ජාව කුමක්ද කියා ඔබ නොදන්නවා ඇති. එසේනම් දැනගන්න, සාමාන්‍යයෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දමන සලකුණක් හෝ නමක් හෝ වචනයක් හෝ තිබේනම් ඊට සම්බන්ධ විඩියෝ යුටියුබයේ ඇල්ගොරිදමයටෙ(ගණිත ක්‍රමය) අනුව බලන විඩියෝවේ පැත්තකින් හෝ ෆෝන් එකේනම් විඩියෝව යට එනු ලබයි.  දැන් ඔබට පෙනෙනවා ඇති මේ පිංතූරයේ පැත්තකින් කළු හාර්ට් දමා ඇති වීඩියෝ පැමිණ ඇති අපූරූව. කෙසේ හෝ මා මේ අසාධාරණ සිදුවීම ගැන මා යුටියුබයට පැමිණිලි කළා  ඉන්පසු යුටියුබය දැනගත්තා මෙය මා දැනගත් බව. ඇයට සබ්ස්ක්‍රයිබ්ර්ස්ලා ලක්ෂයක් පැමිණි පසු කළු හාර්ට් සෙල්ලම අතුරුදහන් විය. මේ ආකරයෙන් යුටියුබයට සම්බන්ධ කළු හාර්ට්, රතු හාර්ට් (වීඩියෝ දමන) කල්ලියක් ඇත.
 ඔබ වීඩියෝ බලන විට මේ රතු හාර්ට් කළු හාර්ට් ගැන බලන්න, මෙ රතු හාර්ට් කළු හාර්ට් උඩට එන හැටි බලන්න. ඒ දිනවල මට පහර ගසන්න තරුණයෙක්ව යොදවා කෑම සම්බන්ධ චැනල් එකක් කරන්න පටන් ගත්තා. ඒ දින වල ඒ තරුණයාගේ වීඩියෝ වල යට මර්තෘකාවේ කලු හාර්ට් දමමින් තිබුනා.  මා යුටියුබයට මෙම ඩිසයින් එක ඉතාමත් අසාධාරණ එකක් බව පැමිණිලි කළා.
පුදුමටය කරුණ වන්නේ ඊට පහුවෙනි දිනම මේ තරුණයාගේ වීඩියෝ වල කළු හාර්ට් අන්ත්‍රස්දාන වීමයි.  මෙයින් තේරුම් ගත හැකි වන්නේ කුමක්ද? යුටියුබයට මම යවන ඊ මෙල් ලංකාවේ අයද දකින බවයි.  
මගේ විඩියෝ මේ තරුණිය ලවා වෙනත් නම් වලින් කරවා උඩට ගැනීමට යුටියුබය කළ විවිධාකාරයේ පහත් ක්‍රියා ඉදිරියේදී මම මෙතන සඳහන් කරන්නම්.
අපේ අම්මාට පහර ගසන්න පාවිච්චි කරන තවත් තරුණියකගේ කුකින් චැනල් එකක් යුටියුබයේ අනුහසින් ඉහළට එන ආකාරය ඊලඟ කොටසින් බලාපොරොත්තු වන්න. 

 -------

 දැන් මේ පෝස්ට් එකෙන් පස්සේ ඇය හාර්ට් ලකුණ සමග මිනිසුන් රැවටීමට අපේ අම්මා චැනලයේ තිබෙන හරි ලකුණ වීඩියෝ වල මුලට යොදා, හාර්ට් ලකුණ මිනිසුන්ට නොපෙන්න  වීඩියෝ එකේ නමේ අවසානයේ සඳහන් කර ඇත.

 -------


ටියුබයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් කරන තවත් පහත් ක්‍රියාවක් මේ ලින්ක් එක  බලන්න. http://www.apeamma.com/2021/06/ape-amma-attackers.html


යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය http://www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html 

යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? http://www.apeamma.com/2021/04/blog-post.html 

අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් http://www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html

 වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. http://www.apeamma.com/2021/01/blog-post.html 

සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. http://www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html

SHARE

6 comments :

  1. Danuwath kalata godak pin nande.api wage gidak lamai kema hadanna igana gaththe me corona kale oya nisa..
    Ape ammata godak sthuthii..
    Api hamadama kiyadena kema pulupuluwan ewwa hadanawa..🙏

    ReplyDelete
  2. හැමදාම අපේ අම්මා එක්කය්..

    ReplyDelete
  3. අපි හැමදාම අපේ අමිමා සමගයි.

    ReplyDelete
  4. ගොඩක් සස්තුතියි දැනුවත් කරාට පේ සහයොගය ඔබ තුමියට

    ReplyDelete
  5. මට අද වගේ හොඳට මතකයි, අපේ අම්මාගේ උම්බලකඩ හදන රෙසපියක් අමු අමුවේම ඒ විදියටම කරලා මුල් දවස්වලම තිබුණා. මට ටිකක් පුදුමත් හිතුනා, ඒත් මම උයන්න ඉගෙන ගන්න video බලන නිසා ඒක ගැන එච්චර සැලකීමක් කළේ නෑ. නමුත් මේ අහන කියන දේවල් නිසා මම ටිකක් ඒ පැත්තෙ ගිහින් විපරම් කළා ඒ video එක තාමත් තියෙනවද කියල බලන්න. හුටා ඒක දැන් අතුරුදහන්.

    ලෝරාගේ kitchen එකෙන් බාගයක් ඉංග්‍රීසියට, බාගයක් සිංහලට කෑම උයන කෙනා හීන් නූලෙන් මේ ගොතන ගෙත්තම කවදාහරි හෙළි කරන්න... ස්තුතියි.

    ReplyDelete