Home » » මේ කව්ද? මොනවද කරන්නේ.

මේ කව්ද? මොනවද කරන්නේ.

Monday, January 11, 2021 | 3:52 AM

 
මේ කව්ද? මොනවද කරන්නේ?


පසුගිය වසර 4 තුල අපේ අම්මා යුටියුබ් චැනලයට යුටියුබ් ආයතනයෙන් සිදුවූ හිංසා පීඩා දිගින් දිගටම ඊමෙල් මා ඔවුන්ට යවා තිබුනා. එය එසේ වුවත් ඔවුන් එය සත පහකට ගනන් නොගෙන දිගින් දිගටම අපේ අම්මා චැනලයට පහර දුන්නා. එක අතකින් සම්මානයක් දෙන ගමන් අනිත් අතින් අපේ අම්මා චරිතයට ලංකාවේ සිටින යුටියුබ් චැනල් කරන තරුණියන්, තරුණයන් ලවා මඩ ගැස්සෙව්වා. මෙම ආයතනයේ සිටින ශ්‍රී ලාංකිකයන් එම ආයතනයේ සිටින විදේශිකයන් හා එක්ව සිදුකළ නොපනත්කම් ගැන ඊමේල් රාශියකින් මා ඔවුන්ට යවා තිබෙනවා. ඉන් එක ලිපියක සිංහල පරිවර්තනය පහතින් තියනවා බලන්න.


ඔවුන් මෙලෙස පහර දෙන්නේ අපේ රටේ විවිධ කණ්ඩායම් සමඟ එකතු වී ඔවුනොවුන්ගේ පුද්ගලික පරමාර්ථයන් ඉටු කර ගැනීමටයි. මේ පහර දෙන කණ්ඩායම් කව්ද ඔවුන්ගේ පරමාර්ථයන් කුමක්ද ඇයි මේ අය මේ ආකාරයෙන් හැසිරෙන්නේ ඔබට ලඟදීම දැනගන්නට ලැබේවි.
අපේ අම්මා චැනලටය වැටෙන ලයික්, කමෙන්ට්, නැති කරමින්  අපේ අම්මාගේ රෙසිපීස් ඔවුන්ගේ චැනල් සහ ගොසිප් චැනල් ලවා කරවනවා පමණක් නොව, අපේ අම්මාට දිනකට එන සබ්ස්ක්‍රයිබර්ස්ලා ගණනත් වංචනික ලෙස වැරදි දත්ත පෙන්නමින් සිටි, මේ හැම එකක්ම සාක්ෂි ඇතිව ඉදිරි දිනක මා ඉදිරිපත් කරන්නම්.

මොවුන් බ්ලොක් කළ එක වීඩියෝ එකක් මා පෙන්වන්නම්,
2019 කල ජාඩි කරවල විඩියෝව අවුරුද්දක් අතුලත යවා තිබුනේ 18,000කටයි. වසරක පසු 2020 ජනවාරි ඔවුන්ගේ චැනලය මගින් ජාඩි වීඩියෝ එකක් පැමිණි පසු දින දෙකක් තුල මෙම ගණනට පෙන්වූවා. මේ ආකාරයෙන් බොහෝ වීඩියෝ වලට කර තිබෙනවා.  වීඩියෝ එකක් ඇතුලේ ඔවුන් කළ අසාධාරණ කමක් පැවසුවහොත් ඒ විඩියෝ එක යවන්නේ නැතුව පහතටම ඇද දමනවා.

ජාඩි විඩියෝවට මෙසේ පහර ගැසීමට හේතුව විස්තරාත්මකව කියන්නම්.


පසුගිය නත්තල් මාසයේ අපේ අම්මා චැනලය තුල වෙනත් යුටියුබ් කුකින් චැනල් වල විඩියෝ වැටෙන්නට සැලැස්වුවා. ඒ තුලින් ඔවුන්ට සම්බන්ධ යුටියුබ් වීඩියෝ කිහිපයක් මගේ චැනලය තුල දමා මිනිස්සුන්ට පෙන්වුවා. එවායේ සාක්ෂ මා ලඟ ඇත වීඩියෝ එකකින්ද මා පෙන්වුවා.
1. ඒ වගේම මගේ ෆේස්බුක් ශෙයා කර තිබු යුටියුබ් විඩියෝ සියල්ලම දින 2ක් තුල ඔවුන් ඉවත් කළ තිබුනා. (එයට හේතුවත් සාක්ෂි සහිතව කියන්නම්.)
2. මගේ විඩියෝ යටට වැටෙන කමෙන්ට් ඉවත් කළ තිබුනා.
3. මගේ සමහර විඩියෝ බ්ලෝක් කර තිබුනා. (රෙන්බෝ ජෙලි  වීඩියෝ එක, ඔවුන්ගේ චැනලයේ ජෙලි වීඩියෝව උඩට ගැනීම සඳහා)
4. දැන් අපේ අම්මා චැනලයට පසුගිය වසර 4 තුල මේ රටේ ආදරණිය මිනිසුන් මට දැමු කමෙන්ට් ඔවුන් ඉවත් කරන්න පිඹුරුපත් සකස් කරමින් සිටිනවා.  ඒ ගැන මම විස්තරත්මකව පසුව කියන්නම්.
5. තරුණියන් දෙදෙනෙක් ලවා අපේ අම්මාට දිගින් දිගටම අපහාස කරන වීඩියෝ දමන අතර ඒ තරුණියන් දෙදෙනාගේ වීඩියෝ උඩට ගන්නට විවිධ උපක්‍රම යොදමින් සිටි. ඒවාත් මම ඉදිරියේදි පෙන්වන්නම්.

යුටියුබ් එකෙන් යවන්නේ නැති රෙසිපීස් යුටියුබ් එකට පරිබාහිර කණ්ඩායම් ලවාද කරනවා. ඒ අයට පව් කියලා තමයි කියන්න තියෙන්නේ. මගේ විඩියෝ බලලා උයන්න ඉගෙනගන්න මගේ රටේ ආදරණියනන් ඒවා බලලා මට කියනවා. ඒ නිසයි මමත් දන්නේ.

මඤ්ඤොක්කා වීඩියෝවට මෙසේ පහර ගසන්නට හේතුව පසුව කියන්නම්.

ස්තුතියි! 

යුටියුබ් එකට යැවූ ලිපියේ සිංහල පරිවර්ථනයේ ලින්ක් එක.
http://www.apeamma.com/2020/10/blog-post.html

මහදැන මුත්තයි ගෝලයෝ රොත්තයි.

2021 ජනවාරි  ‍11    


SHARE