Home » » අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් Problems faced by Ape Amma channel.

අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් Problems faced by Ape Amma channel.

Tuesday, August 11, 2020 | 10:11 PM

අපේ අම්මා චැනල් එකට සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ප්‍රමාණයේ යම් කිසි සාවද්‍ය බවක් තියනවා කියලා මම දැක්කා. ඒ නිසා අවස්ථා කිහිපයකදී යුටියුබ් එකට මේ බව පැමිණිලි කළා. එහෙම පැමිණිලි කරන්න හේතුව මෙන්න මේකයි. අපේ අම්මා චැනල් එකට 2019 මාර්තු වනවිට ලක්ෂයක් වත් සබ්ස්ක්‍රයිබර්ස්ලා නැති පොඩි කුකින් චැනල් වලට මට සමානවම සබ්ස්ක්‍රයිබර්ස්ලා දවසකට පැමීණිම නිසයි මම එසේ පැමිණිළි කළේ.
අපේ අම්මා චැනල් එකේ තිබෙන විඩියෝ සංඛ්‍යාවත් දවසකට බලන විවර්ස්ලා සංඛ්‍යවත් තවත් චැනල් දෙක තුනකට තියන විඩියෝ සංඛ්‍යාවත්  විවර්ස්ලා සංඛ්‍යාවත් සහ දිනකට සබ්ස්ක්‍රයිබර්ස්ලා එක ප්‍රමාණයත් අතර සංසන්දනය කර බලන විට විශාල වැරද්දක් සිදුවන  බව මම දුටුවා.

ඒ ගැන යුටියුබ් එකට යැවු ලිපි වල සිංහල පරිවර්ථනය මා ඉදිරි දිනකදී ඉදිරිපත් කරන්නම්. ඔවුන් හැමතිස්සේම කීවේ,  එය සාමාන්‍ය දෙයක් කියලායි. එය එසේ වුවත් එය සාමාන්‍යන් අසාමන්‍ය දෙයකි. ඒ කියන්නේ ඉවුම් පිහුම් පිලිබද පලපුරුදු වැඩිමහළු මවක් සහ දරුවන්ට ඉවුම් පිහුම් පිළිබද ඉගැන්වු ගුරුවරියකගේ බුද්ධියටත් දැනුමටත් වඩා ඇගෙන්ම උයන්න ඉගෙනගෙන උයන තරුණ ගෑණු ලමයින්ට මිනිසුන් කැමති වන බවද?
වීඩියෝ එකේ හෙඩින් එකේ හාර්ට් අයිකන් දමමින් උයන ගැහැණු ලමයෙක් සහ තවත් (පිට රටක සිට උයන)  අපේ අම්මාට අපහාස කර වීඩියෝ එකක් දැමු තවත් ගැහැණු දරුවෙක්, ඒ වගේම ගොසිප් චැනල් එකක් කර පසුව කුකින් චැනල් එකක් බවට පත්කර උයන  තරුණයෙක්, පේ අම්මාට පහර ගසමින් අපේ අම්මාගේ විඩියෝ සහ ටිප්ස් මහ දවල් මංකොල්ල කමින් උයන විට සහ තවත් වැඩිහිටි මවක් උයන විට යුටියුබ් එකේ ඇල්ගොරිදම් එක ඉතාමත් සාහසික ලෙස කෲර ලෙස අපේ අම්මා දමන අලුත් විඩියෝ මිනිස්සුන්ට යන්නේ නැති තත්ත්වයට පත් කළා.
අලුත් විඩියෝ එකක් සබ්ස්ක්‍රයිබර්ස්ලාට යන්නේ නැත්නම්. ෆෝන් එකේ යට එන්නේ නැත්නම්, කම්පියුටරේ පැත්තකින් එන්නේ නැත්නම් එවැනි විඩියෝවක් මිනිසුන් දකින්නේ කෙසේද? එසේ වන විට සිදුවන්නේ පහත සදහන් දේවල්ය.
1. ගොඩාක් දෙනෙක් විඩියෝ එක බලන්නේ නැති නිසා.
2. ලයික් කමෙන්ට් වැටෙන්නේ නැත.
3. විඩියෝ එක ශෙයා වෙන්නෙත් නැත.

අපේ අම්මා ඉතාම වෙහෙස මහන්සි වී කරන මෙවැනි විඩියෝ, අපේ අම්මා ඇතුලු 8 දෙනෙක් එකතු වී කරන මෙම වටිනා විඩියෝ ඝාතනය වීමකට ලක්වනු ඇත. ලක්ෂ 11ක් ඉන්න චැනල් එකේ අපේ අම්මා විඩියෝ පළවෙනි දින සබ්ස්ක්‍රයිබර්ස්ලා දුටුවොත් අනිවාරයෙන්ම ට්‍රෙන්ඩින් යනවා යනවාමයි. ට්‍රෙන්ඩින් යනවා යනු සතියක් තුල ශ්‍රී ලංකාව තුල ජනප්‍රියම විඩියෝ 50 අතරට පත් වන බවයි. ට්‍රෙන්ඩින් ගියොත් කුමක්ද සිදුවන්නේ, ට්‍රෙන්ඩින් එකේ තියන කාළ සීමාව තුල සබ්ස්ක්‍රයිබර්ස්ලා දෙගුණයක් තෙගුණයක් චැනල් එකට එකතු වනු ඇත. මේ ආකාරයෙන් අපේ අම්මා චැනලයේ අලුත් වීඩියෝස් 2019 ජනවාරි සිට අප්ලෝඩ් කළ පලෙවනි දවසේ බොහෝ දෙනෙක්ට ගියේ නැහැ. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති මේ හේතුව නිසා 2019 ජනවාරි සිට 2020 ඇදිරිනීතිය පටන් ගන්න කාලය වනතුරු එකම රවුම් (1000ක් ඒ වුනාට විඩියෝ බලන ගණන වැඩිවුණා) ගණනක් තමයි අපේ අම්මා චැනල් එකට සබ්ස්ක්‍රයිබර්ස්ලා ආවේ. එහෙත් මා කලින් සදහන් කළ චැනල් හා සසඳන කල ඒ චැනල් වලට(විශේෂයෙන් හාර්ට් ලකුණ හෙඩර් එකේ දමන චැනල් එක) සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි වීම හරිම අසාමාන්‍ය ලෙස සිදුවන බව මා දුටුවා.  මා ලඟ ස්ක්‍රින් රෙකොඩින් එකක් තියනවා එක් දිනක පෙට්ට්‍රල් ශෙඩ් එකේ මීටර් දුවන ආකරයට සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි වන ආකාරය. (social blade වෙබ් සයිට් එකේ.) මා ඒ බව යුටියුබ් එකට පැමිණිලි කළා. සාමාන්‍යයෙන් එවැනි සංඛ්‍යවක් වැනල් එකට පැමිණෙන්නනම් අඩු ගානේ එදින විඩියෝ එකක් දමා තියෙන්න ඕනේ.
එසෙත් නැති දිනකයි මේ ආකාරයෙන් දුටුවේ. අවසානේ යුටියුබ් එක කළේ දිනකට සබ්ස්ක්‍රයිබර්ස්ලා පෙන්වන එක වෙනස් කළා. දැන් ඒ චැනල් එකේ විඩියෝ පිටරටවල් වලටත් පෙන්වනවා. ඒ ආකාරයෙන් තමයි විවිස් ප්‍රමාණය වැඩි කරන්නේ. මා ලඟ ඒ හැම ස්ක්‍රින් රෙකෝඩින් එකක්ම තියනවා. (තව එවැනි චැනල් වල බොහෝ වංචා සිදුවෙනවා ඉදිරි දිනක මම ඒවා ඉදිරිපත් කරන්නම්.)

ඒ වගේමයි යුටියුබය හරහා අපේ අම්මා චැනලයේ විඩියො වලට සිදුවුනු නොපණත්කම් එකින් එක ඉදිරියේදී මා ඉදිරිපත් කරන්නම්. සමහර මගේ වීඩියෝ වල  යුටියුබ් එකේ අඩුපාඩුවක් කිව්වොත් එසේත් නැත්නම්. ඉහතින් සඳහන් කළ චැනල් වල උයපු අයගේ වැරද්දක් කිව්වොත් එම විඩියෝව අනිවාර්යයෙන්ම මිනිසුන්ට යන එක පහත හෙලනවා.දැන් මේ ලිපිය කියවු පසු  ඔවුන්ගේ හැසිරීම කෙසේද කියා මා බලා සිටිනවා. අද මට මේ දේ වෙයි හෙට තවත් කෙනකුට මේ දේ වෙයි.
මේ අයගේ සමහර විඩියෝස් පිටරටට පෙන්වා විවිස් එකතු කරලා දෙනවා. මෙසේ කරන්නේ තමන්ගේ චැනල් එකට විතරක් එසේ කලොත් ඒක අසු වෙන නිසා. ඒ නිසා  අනිත් චැනල් වලටත් එවැනිම විශේෂත්වයක් කරනවා. කාට විශේෂත්වයක් කළත් මට කිසිම ප්‍රශ්ණයක් නැත. මම කියන්නේ අපි කණ්ඩායමක් සමඟ එකතු වී මා රටවෙනුවෙන් කරන මේ සේවය මිනිසුන් අතරට යන එක වලක්වා,  මම කියා දෙන දේවල් ඔවුන් ඔවුන්ට සම්බන්ධ අය ලව්වා කරවා එම වීඩියෝ උඩට යන්නා නිසාය.

ඔබ මේ ගැන හොයන කෙනෙක්නම්  ඔබේ ෆෝන් එකට වීඩියෝ එකක් එනවිට බලන්න පුලුවන් ඒ චැනල් වලට ගිහිල්ලා, ඉන්න සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයත් ඒ සතියේ ඒ අලුත් විඩියෝ ජනතාවට පෙන්නපු ප්‍රමාණයත්. එ සමඟම අපේ අම්මා චැනලයේ සබ්ස්ක්‍රයිබර්ස් ප්‍රමාණයත් ඒ සතියේම අපේ අම්මා චැනලයේ අලුත් විඩියෝ මිනිසුන්ට පෙන්වපු ප්‍රමාණයත්. මා කියන පණිවිඩ වෙනත් තැන් වලින් සහ චැනල් වලින් එලියට එන්න සලස්වනවා. මම වගේ අම්මා කෙනෙක්ගෙන් ගුරුවරියකගෙන් යම් වටිනා අදහසක් සාමාජ ගත වුවහොත්, අපේ අම්මා කියන මේ ගුරුවරිය කෙරෙහි රටේ මිනිසුන් පැහැදෙන නිසාත් හැමෝම අතරේ මා ගැන කථා වෙයි කියන බිය නිසාත් අපේ අම්මාව සඟවා තබන්නට යුටියුබ් එකේ සිටින කිහිප දෙනෙක් සහ අපේ රටේ කිහිප දෙනෙක්  ක්‍රියා කරමින් යනවා. ඒ වගේමයි අපේ අම්මා වීඩියෝ වල කියන යම් අදහස් අපහාසයට උපහාසයට ලක් කරමින් රටේ මිනිසුන් නොමඟ යවන්නට කණ්ඩායම්ක් කටයුතු කරමින් සිටිනවා.
විශේෂ දෙයක් මම කියන්නට කැමති. යුටියුබ් එක විසින් පලවෙනි දවසේ අපේ අම්මාගේ විඩියෝ නොයවපු නිසා අවසානේදී මම සත්‍යක්‍රියා කළා එහි ප්‍රතිඵළයක් ලෙස 2020 මාර්තු මාසේ සිට අපේ අම්මා චැනලයට දිනකට සබ්ස්ක්‍රයිබර්ස්ලා 5000-7000ක් පැමිනෙන්න පටන් ගත්තා.

2019 ජනවාරි සිට අපේ අම්මා විඩියෝස් පළවෙනි දවසේ වීඩියෝස් යවන්නේ නැති වෙනකොට මා ඔවුන්ට පැමිණිලි කළාම ඔවුන් දුන් පිලිතුර වනුයේ නරඹන්නෝ කැමත් විදියට විඩියෝ කරන්න කියාය. එසේ කියමින් එහේම විඩියෝ කරන හැටි බලාගන්න කියා ලින්ක් එකක්ද මා වෙත එවනවා.  එහෙත් පසුගිය ඇඳිරිනීතිය දිනවල ඔවුන් එසේ කියපු විඩියෝ අසමාන්‍ය ලෙස මිනිසුන් බලන්න පටන්ගත්තා. දිනකට ස්බ්ස්ක්‍රයිබර්ස්ලා 6000-8000ක් එන්න පටන් ගත්තා. මා ඔබගෙන් අසන්නට කැමති ඔවුන් පවසන පරිදි එදා නරඹන්නෝ අකමැති නම් අද නරඹන්නෝ කැමති වුනේ කෙසේද කියා.

දැන් නැවතත් යුටියුබය පරණ ක්‍රමයටස අලුත් විඩියෝ ඝාතනය කිරීමට  ආයෙත් පටන් අරන් ඇත. ලක්ෂ 11ක් සබ්ස්ක්‍රයිබ්ර්ස්ලා ඉන්න චැනල් එකේ බලන ප්‍රමාණයත් ඔවුන්ගේ කණ්ඩායම අයගේ විඩියෝ බලන ප්‍රමාණයත් අතර පරතරය ඉතාමත් අසාමාන්‍යයි.

 මේ වීඩියෝ එක ඊයේ දැම්මේ (2020-4-23) අද මේ වෙනකොට පැය විස්සටම ලක්ශ 12ක් ඉන්න චැනල් එකේ  16000කටයි පැය 20ක් තුල දකින්න ලැබිලා තියෙන්නේ මේ එක උදාහරණයක් පමණයි. මේ ආකාරයෙන් 2019 ජනවාරි 1වෙනිදා සිටි මේ ක්‍රමය දිගටම කරගෙන ආවා. එහෙත් යුටියුබයේ අයගේ හිතවත් කුකින් (ලක්ෂ 3ක් වත් නැති ) චැනල් වල විඩියෝස්, (ඒවායේ රෙසිපිය හරි හෝ වැරදි) කැත ආකාරයට මිනිසුන්ගේ ෆෝන් වලට යවමින් සහ පිටරටවල් වලට පෙන්වමින්  උඩට ගනිමින් සිටි විශේෂයෙන්ම ඔවුන්ට සම්බන්ධ එක චැනලයකට විශේෂත්වයක් කිරීමට අවශ්‍ය නිසාත් තවත් චැනල් දෙක තුනක් ඒ සමගින් අරගෙන යයි. මට අනිත් අයගේ චැනල් ගැන කිසිම ප්‍රශ්ණයක් නැත අපේ අම්මා චැනලයට කරන මේ නින්දිත ක්‍රියාව මිනිසුන් දැනගත යුතුයි. මේ සම්බන්ධයෙන් යුටියුබයට මා යැවු ලිපි ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්. (ඔවුන් කරන විඩියෝ වල නම පමණක් අරගෙන ඇතුලේ වෙනස්ම ක්‍රමයකට මම උයනවා. මම එසේ කරන්නේ එකම නම තියන විඩියෝවක් නම් ඇයි ඔවුන්ගේ විඩියෝ යවන්නෙත් මගේ වීඩියෝ නොයවන්නෙත්, එය ඉදිරියේදී මිනිසුන්ට පෙන්වා දීමටයි. උයන්න ඉගෙන ගන්නා අය සමඟ තරඟ කිරීමට මට අවශ්‍යතාවයක් නැත. ඔවුන්ගේ ඒ වීඩියෝ වැඩියෙන් බලන තරමට මම කැමති  එවිට තමයි වීඩියෝ බලන මිනිසුන්ට හරි වැරදි පැහැදිලි වන්නේ.

මෙතන සිදුවන වැරදි ක්‍රියාව පැහැදිලිවම පෙන්වනවා. පලවෙනි පැයේදී 6000ක් 7000ක් බලන විඩියෝ  පැහ කිහිපයකින් පැයට 200-300ක් බලන තත්වයට පත් කරනවා. එසේ සිදුවන්නේ විඩියෝ පහත දමන නිසයි. පළවෙනි පැයේදී මෙතරම් ප්‍රමාණයක් දකින්නේ අනිවාරයෙන්ම අපේ අම්මා චැනලය ගැන අවධානයෙන් සිට විඩියෝ බලන ආදරණීය මිනිසුන් නිසයි. (ඉදිරීයේදි සංසන්දනය කර ඒ ප්‍රස්ථාර ඉදිරිපත් කරන්නම්)

අපේ අම්මා චැනලයට ආදරය කරන කෙනෙක්නම් වීඩියෝව යට තියන විවිස් ගණන දවසකට පස්සේ බලන්න. එතකොට ඔබට මා කියන දේ පැහැදිලි වේවි. ඒ නිසා ඔබ බලන විඩියෝව යාළුවන් සමඟ ශෙයා කරන්න.


අපේ අම්මා චැනලයෙන් වෙළඳ දැන්වීමි නොකරන නිසා විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් කිරිමට අවශ්‍ය චැනල් සකසා ගැනීම සඳහා මෙම ගැහැණු ළමයි කිහිපදෙනාගේ වීඩියෝ ලංකාවේ කිහිපදෙනෙක් යුටියුබයත් සමඟ එක්වී අපේ අම්මාගේ අලුත් වීඩියෝ පහත දමමින් ඔවුන්ගේ වීඩියෝ උඩට ගනිමින් සිටි.  අද දවසේත් මේ විඩියෝ එකේ ඇය ගැන සඳහන් කළ නිසා යුටියුබය ඇගේ එම වීඩියෝව මගේ විඩියෝ එක යටට එන්නට සකස් කර ඇත. ඉතාමත් කෲර ලෙස සාහසික ලෙස හැසිරෙන යුටියුබය මේ ආකරයෙන් හැසිරෙන්නේ කාගේ මග පෙන්වීමටදැයි ඉතාමත් පැහැදිලියි.
අද වීඩියෝ එකත් පලවෙනි පැයේ සිට බැලූ ආකාරය ස්ක්‍රීන් රෙකොඩින් එකකින් පෙන්වන්නම්.
මින් ඉදිරියට මම වීඩියෝ කරන පිලිවෙල වෙනස් කරමි.

තවත් කොටසක් ඉදිරි දිනක බලාපොරොත්තු වන්න.................. (අපේ අම්මාගේ කටහඩ අනුකරණය කරමින් ගැහැණු ලමයෙක් දමා කරන එක නංගි කෙනෙක් පිටරට සිට කරන තම චැනලයේ විඩියෝ තුලින් අපේ අම්මාට පහර ගසන ආකාරය.

යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය http://www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? http://www.apeamma.com/2021/04/blog-post.html යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න http://www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් http://www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. http://www.apeamma.com/2021/01/blog-post.html සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. http://www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html

 

SHARE