Home » » අපේ අම්මා චැනලටය සිදුවූ ආසාධාරණකම් ගැන යුටියුබ් ආයතනට අපේ අම්මා යවපු ඊමෙල් එකක සිංහල පරිවර්තනයක්

අපේ අම්මා චැනලටය සිදුවූ ආසාධාරණකම් ගැන යුටියුබ් ආයතනට අපේ අම්මා යවපු ඊමෙල් එකක සිංහල පරිවර්තනයක්

Saturday, October 31, 2020 | 2:54 AM

 

මේ පහතින් දැක්වෙන්නේ. යුටියුබ් ආයතනට අපේ අම්මා යවපු ඊ මෙල් අනුහතෙන් (97) එක ඊමෙල් එකක සිංහල පරිවර්තනයයි.
2020 අප්‍රේල් මාසේ 9 වෙනිදා යැවූ ඊමේල් එකක්.

යුටියුබ් ටීම් එක වෙත,


මට ඔයාලට දැනම් දෙන්න ඕනේ පසුගිය අවුරුද්ද තුල මට යුටියුබ් එකෙන් සිදුවුනු සිදුවීම් කිහිපයක් ගැන. 2019 ජනවාරි  වෙනිදා මට එරෙහිව දැමු අපහාස වීඩියෝවෙන් පසු, යුටියුබ් එක හරහා මට විවිධ ලෙස පහර දුන්නා. මම මේ ගැන යුටියුබ් එකට පැමිණිලි කළාම ඒවාට ක්‍රියා මාර්ග ගන්නේ නැතුව මට පහර දුන්න අයව යුටියුබ් එක තවත් උඩට ගත්තා.
මේ තියෙන්නේ මට යුටියුබය හරහා පසුගිය අවුරුද්ද තුල සිදුවුනු දේවල්. මම මේ හැම එකකටම වෙන වෙනම පැමිණිලි කරලා තියනවා.

1. මුලින්ම අපේ අම්මා කියලා මගේ නම දාලා "යුටියුබ් මිස්ක්" කියලා ප්ලේ ලිස්ට් හදලා තිබුනා. හැබැයි ඒ ප්ලේලිස්ට් ඇතුලේ තිබුනේ වෙනත් කුකින් චැනල් වල වීඩියෝ.

 

2. මගේ මේ ජෙලි ලේයර් (id: lgc_z1j41Wk)  වීඩියෝ එක දවස් 15ක් යුටියුබ් එකේ බ්ලෝක් කරලා තිබුනා. මීට සමාන වෙනත් වීඩියෝවක් යුටියුබයේ වැඩකරන ශ්‍රී ලාංකිකන්ට හිතවත් කෙනෙක් කරලා තිබුනා. මගේ වීඩියෝ එක ඊට වඩා හොඳ නිසා මගේ විඩියෝ එකේ විවිස් වැඩි වීම වලක්වන්න මගේ වීඩියෝ එක බ්ලොක් කළා.  මම මේක ගැන කිව්වාහම කිව්වේ. මේය තාක්ෂණික දෝෂයක් කියලා.

 

3. මගේ යුටියුබ් කමියුනිටි ටැබ් එක දවස් 2ක් බ්ලොක් කරලා තිබුනා. ඒ කියන්නේ මට කමුනිට් ටැබ් එකට ෆොටෝ දැමීමට බැරුව තිබුනා. (එහෙම කළෙ සමහර අය මගේ රෙසිපි ටිස්ප් සමඟ ඒ විධියට කළාම මම කරපු රෙසිපි එක කමියුනිටි එකට දානවා. එතකොට මිනිස්සු දකිනවා මගේ රෙසිපියක් තමයි ඒ අය කරලා තියෙන්නේ කියලා. මිනිස්සුන්ට කමියුනිටි එකට මම දානා විඩියෝ වලක්වන්න කමියුනිටි එක බ්ලොක් කරලා තිබුනා. ඒ වගේ බ්ලොක් එක නැති කරන්න දවස් දෙකක් විතර යනවා, ඒ වෙනකොට ඒ අය මගේ කොපි කළ වීඩියෝ එක දවස් 2ක් සෙනඟට ගිහිල්ලා ඉවරයි.) මේක මම කම්පේන් කරම දවස් දෙකකට පස්සේ ඒ බ්ලොක් එක නැති කළා.

 

4. මට විරුද්ධව කළ බොරු අපහාසාත්මක වීඩියෝව ගැන (මම ඇයගෙන් බලාගෙන උයනවා කියා) මම පැමිණිලි කළා. මොකද ඇය මුල සිටම මගේ වීඩියෝ බලාගෙන උයන තැනැත්තියක්. ඒ සඳහා උදාහරණ පසුව දෙන්නම්. මගේ පැමිණිල්ලට පසු අයින් කලේ නැහැ. මගේ පැමිණිල්ල කියවු යුටියුබයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් මට අපහස කළ කෙනාගේ පැත්ත ගත්තා.

 

5.මම අලුත් වීඩියෝ එකක් දැම්මහම එය යුටියුබ් එකේ හෝම් පේජ් එකේ පල්ලෙහාටම දානවා. නැත්නම් පැය 24ක පසු එය සම්පූර්ණයෙන්ම හෝම් පේජ් එකෙන් ඉවත් කරනවා. එවිට මගේ විඩියෝස් වල විව්ස් ප්‍රමාණය අඩු වෙනවා.

 

6.  මේ චැනලටය වඩා අඩු නරඹන්නක් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් සිටින චැනල් සමග අනුපාතය සැසදීමේදී අපේ අම්මා චැනලයට දවසට එන සබ්ස්ක්‍රයිබර්ස් අනුපාතය ඉතාම අඩුයි.

තවත් ලගදී වුනු ප්‍රශ්නයක් තමයි මගේ චැනලයේ කමුනිටි ටැබ් එකට යම් කිසි වීඩියෝවක ලින්ක් එකක්  දැම්මාහම එක වැඩ කරේ නැත. මාසයක් මේ ප්‍රශ්ණය තිබුනා. අවසානයේ එය හරිගැස්සුවා.
මම අද කියන ප්‍රධාන පැමිණිල්ල තමයි මේ මම අලුතෙන් දැමු වීඩියෝ දෙකක්.
මට මිලියනයකට වඩා සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටියාට බලන්න යුටියුබය මේ විඩියෝ දෙක කී දෙනාටය යවලා තියෙන්නේ කියලා.
https://www.youtube.com/watch?v=tO-Z14vsCxY
https://www.youtube.com/watch?v=l60EbIomUcw


මේ වගේ වීඩියෝ හරිනම් දවසට ලක්ෂයක් වත් බලන වීඩියෝ, සහ ට්‍රෙන්ඩ්න් එන වීඩියෝ. ඒ වුනාට දවස් 2කට පස්සෙත් මෙක යුටියුබ් එක යවලා තියෙන්නේ 32,000කට විතරයි. ඒ වුනාට මිට වඩා අඩු සබ්ස්ක්‍රය්බර්ස්ලා සංඛ්‍යාවක් ඉන්න චැනල් එකක් එදාම දාපු වීඩියෝ එකකට ඊට වඩා විව්ස් අරන් දීලා තියනවා. ඒ වීඩියෝ යුටියුබ් එකේ හෝම්පේජ් එකේ වැඩි ප්‍රමාණයක් පෙන්නුවා. ඇයි යුටියුබ් එක මෙහෙම කරන්නේ.
මේ යුටියුබ් ආයතනයේ මට එරෙහිව වැඩ කරන ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක් නිසා මේ අයතනයට මගේ තිබුනු ගෞරවය විනාශ වෙලා තියනවා.

 

එක කුකින් චැනල් එකක් විසින් පවත්වාගෙන යන තවත් බොරු චැනල් එකක් මම කරපු හැලප වීඩියෝවට සමාන වීඩියෝවක් කරලා තියනවා. ඒ වගේ අලුත් චැනල් එකක් මගේ පරණ විඩියෝවක් කලොත්, ඒ විඩියෝව මගේ පරණ විඩියෝවේ විවිස් ප්‍රමණය පසු කර යන තුරු යුටියුබය විසින් එම වීඩියෝ උඩට අරන් විශේෂත්වයක් කරනවා. ඒ වුනාට මේ බොරු චැනල් මගේ රෙසිපියක් ආයෙත් කලාම මම ඒක ආයෙත් මගේ චැනල් එකේ කලොත් එක මගේ සබ්ස්ක්‍රය්බර්ස්ලාට යවන්නේ නැහැ. යවන්නේ නැතුව අඩු විවිස් ප්‍රමාණයක් මගේ විඩියෝවට පෙන්නනවා.
මේ තවත් විඩියෝවක්. (ස්ක්‍රන්ෂොට් එක බලන්න) https://www.youtube.com/watch?v=ihWD0diAFMU පළමු පැයේදි මෙය 6500ක් දෙනා නැරඹුවා. ඒ වුනාට දවසක් යන්නත් කලින් මෙය පැයට බලන ප්‍රමාණය 950ටත් වඩා අඩු කළා. දවස් කිහිපයක් ගියාට පස්සේ ඊටත් වඩා අඩු කරනවා.
ඒ වුනාට වෙන පොඩි චැනල් වන පළමු පැයේදි 100-200 දෙනෙක් වගේ බලන වීඩියෝව දවසේ ගානේ බලන ප්‍රමාණය වැඩි කරලා, මගේ වීඩියෝ එකේ ප්‍රමාණය පසු කලාට පස්සේ තමයි යුටියුබ් එක ඒ විඩියෝව අඩු කරන්නේ.

 

එක කුකින් චැනලයකට සම්බන්ධ  තවත්‍ චැනල් එකක් මම කරපු වීඩියෝවක් ඔවුන්ගේ චැනලයේ දැමු විට මම මගේ නියම ඇත්ත වීඩියෝව මගේ යුටියුබ් චැනල් එකේ කමියුනිටි ටැබ් එකට දානවා.  මම එහෙම කළාම ඒ මගෙන් කොපි කරපු රෙසිපිය යුටියුබ් හෝම් පේජ් එකේ පෙන්නලා දවස් කිහිපක් අතුලත ලක්ෂයකට වැඩ පිරිසකට යනවා.
 උදාහරණයට කලින් කියු කුකින් චැනලට සම්බන්ධ තව චැනලයක් මම කරපු පෑන් කේක් රෙසිපිය කිරි රොටි කියා වෙනත් නමකින් අප්ලෝඩ් කලා. එතකොට මගේ ඇත්තම රෙසිපිය මම යුටියුබ් කමුනිටි එකට දැම්මා. එතකොට එකපාරටම අර බොරු රෙසිපිය යුටියුබ් විසින් ලක්ෂයක් දෙනාට පෙන්නුවා. මගේ චැනල් එකේ දාපු හැම වීඩියෝවක පැත්තේ එම වීඩියෝව එන්න සැලැස්වුවා. එහේම කරලා මාසයක් ඇතුලත ඒ වීඩියෝව ලක්ෂ 6කට පෙන්වුවා.  මට ප්‍රශ්නයක් නැහැ අනිත් අයට මේ වගේ විවිස් වැඩි වුනා කියලා.මේ වගේ බොරු වීඩියෝවක් ගොඩාක් දෙනෙක් නැරඹුවාම දැන් සබ්ස්ක්‍රයිබ් වෙයි හැබැයි පසුව ඒ අයම මේ බොරු වීඩියෝ කළ කෙනාව ප්‍රතික්ශේප කරයි. ඒ නිසා මට ඒ ගැන නිසිම දුකක් නැහැ. ඒ වගේම මට පුදුමයි කොහොමද යුටියුබ් සිස්ටම් එකට සිංහල වීඩියෝ වල තියන සිංහල තේරෙන්නේ කියලා.
මට ඔගොල්ලන්ගේ සිස්ටම් එක ගැන කණගාටුයි. මට ප්‍රශ්නයක් නැහැ අනිත් අයට විවිස් කීයක් ආවත්. මම මෙහෙම කියන්නේ මට එක දිගටම යුටියුබ් එක පහර ගහන නිසයි. ලංකාවේ සියලු අලුත් චැනල් හදුන්වා දෙන්නෙ මගේ වීඩියෝ එක්ක ඒ චැනල් පෙන්නලයි. ඒ නිසා මගේ චැනලය ඒ හැමෝටම ලොකු සේවයක් කරන්නේ.

 

මේ වගේම දෙයක් මගේ ජාඩි වීඩියෝවටත් සිදුවුනා. (watch?v=9PrUMc-q3AM) අවුරුද්දකටම ඒ විඩියෝව පෙන්නලා තිබුනේ 18,000කට විතරයි. මම දැනගත්තා මේ විඩියෝව වැඩි දෙනකුට පෙන්වුවේ නැත්තේ යුටියුබ් එකට සම්බන්ද කුකින් චැනල් එකකින් මේක නැවත කරයි කියලා. මම කලින් කියු චැනලය මේ විඩියෝව අවුරුද්දකට පසු නැවත කලා. එවිට ඒ වීඩියෝව දවස් 3ක් ඇතුලත 18,000කට පෙන්වුවා. යුටියුබ් එක කියන්න හදන්නේ මම ගමේ සාම්ප්‍රදායික කෑම හදන්න දන්නේ නැහැ. මම බේකරි කෑම හදන්න විතරයි හොඳ කියලා. මේ සිදුවීම් පිටුපස ඉන්න ශ්‍රී ලාංකිකයින් කව්ද කියලා මම දන්නවා.
මම ගෙදර පැණි හදන්න කියලා දීපු වීඩියෝවත් මෙවැනිම දෙයක් වුනා. watch?v=l60EbIomUcw
මම විවිස් ගැන මොනවාහරි දෙයක් පැමිණිලි කරාම, ඔය අය මට දෙන්නේ එකම පිළිතුර. එකම උපදෙස් සහ ලින්ක් ටිකක් මට දෙනවා. මම ඒ කියලා තියන හැම දෙයක්ම කරලා තියෙන්නේ.  ඒ වුනාට ඔය අයට පේනවා ඇති මගේ පරණ විඩියෝ මේ ඇදිරි නීතිය කාලේ කොච්චර දෙනා බලනවාද කියලා, එකෙන් පේනවා කොච්චර පිරිසක් මට ආදරෙයිද කියලා.

 

රතු හාර්ට්, කළු හාර්ට් චැනල්
මේ තවත් තමන්ගේ චැනල් එකේ නම් වලට යටින් හාර්ට් සලකුණු දාන චැනල් එකක් ගැන. මම ස්ක්‍රීන් රේකොඩින් සමග පැමිණිලි කරලා තියනවා ඒ චැනල් එකේ බොරුවට ස්බ්ස්ක්‍රයිබර්ස්ලා වැඩ වෙන ආකාරය ගැන. අනිවාරයෙන්ම ඒ චැනලය සබ්ස්ක්‍රයිබර්ස්ලා මුදලට ගන්නවා.ඒ වුනාට ඒ පිළිබද ක්‍රියා මාර්ග ගන්නේ නැතුව ඒ චැනලය තවත් හෝම් පේජ් එකේ උඩටම දැම්මා. ඒ වගේම පිටරට සිටින කිහිප දෙනෙක් මට කිව්වා. මේ මට විරුදධ චැනල් වල ගොඩාක් වීඩියෝ ඒ රට වල රෙසිපියක් යුටියුබ් එකේ හොයන විට එනවා කියලා.
ඒක හරිම පුදුමයි මිලියනයට වැඩිය සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්න චැනල් එකක අලුත් විඩියෝ වලට ලැබෙන විවිස් ප්‍රමාණයට සමාන විවිස් ප්‍රමාණයක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 3-4 ක් ඉන්න චැනල් වලටත් ලැබීම.  එහේම වෙන්න මගේ අලුත් වීඩියෝ යුටියුබ් එකේ හංගා ඒ අයගේ අලුත් වීඩියෝ යුටියුබ් හෝම් පේජ් එකට දාන නිසාය.
විශේෂයෙන්ම මේ චැනල් වෙනත් ආයතන වලින් මුදල් ලබාගෙන කරන විඩියෝ යුටියුබ් එක විසින් අසාමන්‍ය ලෙස උඩට ගන්නවා. මට ප්‍රශ්ණයක් නැහැ අනිත් චැනල් වල වීඩියෝ හෝ ඒ චැනල් ගැන. මම මේවා කියන්නේ මම ඒ අය කරන වැරදි වැඩ ගැන දන්නවා කියන්නයි.

 

ඒ වගේම මම මොනවාහරි අධ්‍යාපනික විඩියෝව කළ පසු,  එම අධ්‍යපනික විඩියෝවට විරුද්ධව වෙනත් යුටියුබ් චැනලයක් වීඩියෝ එකක් දානවා. හරි පුදුමයි යුටියුබය විසින් මට විරුද්ධව කළ විඩියෝව අසමාන්‍ය ලෙස උඩට ගන්නවා.
උදාහරණයකට මේ සුඳුළූණු මීපැනි වීඩියෝව (watch?v=p4_BM1xjCvc)  මේ විඩියෝව කරලා අවුරුද්දකට පසු, එක කුකින් චැනල් එකක් විසින් පවත්වාගෙන යන ගොසිප් චැනල් එකක් ඒ විඩියෝවම කලා. මගේ විඩයෝව අවුරුද්දට යවා තිබුනේ 130,000කට විතරයි.  ඒ වුනාට ඒ විඩියෝව මාස කිහිපයක් තුල 357,000කට පෙන්වුවා.
ඒ කියන්නේ අපේ රටෙ මිනිස්සු උගත් පරිණත ගුරුවරියට වඩා පුංචි ගෑනු ලමයෙක් කරන විඩියෝ බලන්න කැමතියි කියලාද?යුටියුබ් එකේ ඇල්ගොරිදම් එක වැඩකරන්නේ ඒ විදියටයි. මේ වගේ සිදුවීම් ගොඩාක් වුනා.මම මොකක් හරි වෙනස්ම රෙසිපයක් කලොත් ඒ රෙසිපියම වෙනත් චැනලයක් නැවත කරනවා. ඒ කොපි කරපු වීඩියෝ එක යුටියුබ් ඇල්ගොරිදම් එකට අහුවෙනවා. අහුවෙලා හැමතැනටම යවලා උඩටම ගන්නවා. මම මේ කිව්වේ එක උදාහරණයක් විතරයි. මේ වගේ ගොඩාක් දේවල් සිද්ධ වෙලා තියනවා.

 

මම සහ මගේ යුටියුබ් චැනලය නිසා යුටියුබ් චැනල් කරන ගොඩාක් අය ජීවත් වෙනවා. මම සමග වැඩ කරන අය මම නිසා ජීවත් වෙනවා. රෙස්ටුරන්ට් සහ කෑම කඩ කරන අය මම නිසා ජීවත් වෙනවා. කඩෙන් කෑම කාපු අය දැන් ගෙදර කෑම හදන් කනවා. ඒ ගැන මම සතුටු වෙනවා.
ලංකාවේ කුකින් චැනල් කරන අයත් මගෙන් ඉගෙන ගන්නවා. මගෙන් ඉගෙන ගෙන ඒ රෙසිපි වලට බොරු නම් දාලා අයෙත් යුටියුබ් එකට අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ ඒ විඩියෝ යුටියුබ් එකේ හැම තැනම ප්‍රචාරය කරනවා. මේවාට සම්බන්ධ සියලු ශ්‍රී ලංකිකයන් සහ ආයතන මම දන්නවා.
යුටියුබ් ආයතනයේ අතුලේ වැඩ කරන ශ්‍රී ලංකිකයන් දන්නවා, කවුරුහරි කෙනෙක් අපේ අම්මා චැනලට අපහාස කලොත් ඒක යුටියුබ් එක විසින් හැම තැනම ප්‍රචාරය කරනවා. මේ වගේ වැඩ අපේ අම්මා චැනලයට එරෙහිව සංවීධානය කරන්නේ ශ්‍රී ලංකිකයන් විසින්. මට ෆැන්ස්ලා ලක්ෂක් විතර පණිවිඩඩ එවලා තියනවා. ලංකාව කියන්නේ ඉන්දියාව වගේ නෙවෙයි පොඩි රටක්,  ඒ හැමෝම යුටියුබ් එකට පැමිණිලි කරයි.

 

මේ තවත් උදාහරණයක්.

මම එක වරක් ළමා මානොවිද්‍යව ගැන වීඩියෝවක් කලා, එතකොට එදාම ඊට සාමාන ළමා මානොවිද්‍යව විඩියෝවක් වෙනත් අලුත් ගොසිප් චැනල් එකක් අප්ලෝඩ් කලා.  ඒක යුටියුබ් සිස්ටම් එකට අහුවුනා. එට පස්සේ ඒ විඩියෝව ලක්ෂයට වැඩි දෙනකු යැව්වා.ඒ වුනාට වීශාල සබ්ස්ක්‍රයිබස්ලා සංඛ්‍යවක් ඉන්න මගේ චැනල් එකේ විඩියෝව යැව්වේ තිස්පන්දාහකට විතරයි. (මේ විඩියෝව පිටුපස ඉන්න අයව මම පසුව කියන්නම්. මේ ලිපිය බලන අයටයි කියන්නේ.)

 


තව කිචන් එකක් තියනවා මගේ වගේම ඩුප්ලිකේට් එකක් හදලා. මගේ කටහඬට සාමාන කටහඬක් යොදා මම කියලා දීපු ටිප්ස් වෙනම විඩියෝ සාදා තමන්ගේ චැනල් එකේ අලුත් විඩියෝ හැටියට දානවා. ඒතකොට යුටියුබ් සිස්ටම් එකට ඒ විඩියෝ අහුවෙලා ඒ වීඩියෝව උඩටම ගන්නවා.
 මම නිසා ගොඩාක් ශ්‍රී ලංකික කුකින් චැනල් පටන් ගත්තා. ඒ ගැන මම ගොඩාක් සතුටු වෙනවා. ගොඩාක් චැනල් තියනකොට යුටියුබ් එකට ලැබෙන ආදායම වැඩි වෙනවා. මම ඒක ගැනත් සතුටුයි.

 

මම කලින් එවපු ඊ මෙල් එකෙන් කිව්වා මම මේ ප්‍රශ්න සියල්ල ස්වභාවධර්මයට විසදන්න දෙනවා කියලා.මගේ මිට කලින් හංගලා තිබුන විඩියෝස් දැන් මිනිස්සු බලනවා. ඒ වුනාට මට තවමත් මේ කණ්ඩාම පහර දෙමින් සිටින නිසා මම ඒ අයවත් ස්වභාවධර්මයට බාර කරනවා.

 

ස්තුතියි.
අපේ අම්මා.




මේ සම්බන්ධ සාක්ෂී වෙනම පෝස්ට් එකක් වෙබ්සයිට් එකට දාන්නම්.


SHARE