Home » » Pol cake coconut cake by Ape Amma. පොල් වලින් විතරක් පොල් කේක්

Pol cake coconut cake by Ape Amma. පොල් වලින් විතරක් පොල් කේක්

Wednesday, December 16, 2020 | 9:33 PM


 අපේ අම්මා විශේෂ රෙසිපියක් කළොත් යුටියුබ් එක පලවෙනි දවසේ ටික දෙනකුට යවලා ඒ වීඩියෝ එක බ්ලොක් කරනවා. ඊට පස්සේ ටික දවසනික් යූටියුබ් එකට සම්බන්ධ කෙනෙක් ඒ විඩියෝ එක වෙනත් නමකින් කරනවා. ඒ කළාම ඒ කෙනාගේ විඩියෝ එක මිනිසුන්ට යවනවා. මිනිස්සුන්ට හිතන්න සලස්වනවා මේ රෙසිපි එක මෙයා තමයි අපිට දුන්නේ කියලා. අපේ අම්මා කරපු එකක් කියලා ඒ අය දන්නේ නැහැ.
 එක ඔප්පු කරන්නම යුටියුබ් එකට සම්බන්ධ කිහිපදෙනක්  අපේ අම්මා ඔවුන්ගෙන් කොපි කරනවා කියා පෝස්ට් දමා ඇත. ඒ මගින් මිනිසුන්ට මම ඔවුන්ගෙන් කොපි කර උයන බව පෙන්වන්නට උත්සහ කරනවා. අපේ රටේ සාමාන්‍ය මිනිසුන් මම කව්ද ඔවුන් කව්ද කියා හොඳට අඳුරනවා.
ඔවුන් මගේ විඩියෝ එකක් නැවත කළ පසු යුටියුබ් එක කරන්නේ ඔවුන් කළ විඩියෝ එක යුටියුබ් එකට රෙජිස්ටර් වෙලා අලුතෙන්ම එන ප්‍රේක්ෂකයන්ට යැවීමයි. යුටියුබ් එකේ කිසිම කුකින් වීඩියෝ එකක් දැක නැති අලුත්ම ප්‍රෙක්ෂකයෝ කිසි සේත්ම මෙය මා කළ එකක් බව දන්නේ නැත. මෙයින් කරන්නේ එම චැනල් වලට සබ්ස්ක්‍රයිබර්ස්ලා සහ ලයික් එකතු කර දීමයි.

මේ පොල් කේක් රෙසිපි එක ඒ අයම බොරු අකවුන්ට් වලින් ඇවිල්ලා මගෙන් ඉල්ල ඉල්ල හිටියා. රෙසිපිය මම දුන්නේ නැත්නේ ඔවුන් පොල් කේක් රෙසිපිය කරලා ඉවර වෙන තුරුයි.ඒ නිසා ඔවුන් සියලු දෙනාම මම කරන්න යන විශේෂ රෙසිපිය කරලා ඉවර වෙන තුරු මම බලාගෙන සිටිනවා.  කුකින් චැනල් කිහිපයක් සමඟ අපේ රට ඇතුලේ ප්‍රසිද්ධ  පුද්ගලයෝ කිහිපදෙනෙක් එකතු වී චැනලය විනාශ කිරීමට, අපේ අම්මාට මඩ ගැසීමට විවිධ ක්‍රියාකාරකම් රාෂීයක් කරමින් පවතිනවා. ඉදිරියේදී ඒ එකින් එක මම මිනිසුන්ට පැහැදිලි කරනවා.


මේ අවුරුදු 4ටම යුටියුබ් ආයතනයේ සිටින ශ්‍රී ලාංකිකයන් අපේ අම්මා නම කැත කරීමට සහ විනාශ කිරීමට විවිධ උපක්‍රම යෙදුවා. දැන් මේ දවස්වල  මගේ විඩියෝ මිනිස්සුන්ට යවන්නේ නැතුව මිනිස්සු මගේ විඩියෝ බලන්නේ නැහැ, ලයික් කරන්නේ නැහැ කියලා අදහසක් ශ්‍රී ලංකාවේ අතුලේ ඉන්න ප්‍රසිද්ධ පුද්ගලයෝ කිහිපදෙනෙක් හරහා දීමට උත්සහ කරනවා.සත්‍ය වශයෙන්ම අපේ අම්මා චැනලයට දවසකට සබ්ස්ක්‍රයිබර්ස්ලා 10,000ක් ආවා. මොවුන් මෙය අඩු කර දවසට 2000ක් බව පෙන්වනවා මොවුන් පෙන්වන මේ දේ සම්පූර්ණයෙන්ම බොරුය.(බොරුවේ තරම)

මේ පහතින් පෙන්වන සටහන බලන්න. 

 


 වීශේෂ කිවයුතු යමක් ඇත  අපේ අම්මා නමට යටින් සිටින "A" චැනලය වෙනත් කුකින් චැනලයකට සම්බන්ධ එකක් මේ චැනලය පටන් ගත්තේම අපේ අම්මා චැනලයට පහර ගැසීමේ අදහසින්ය.  මා කිහිප වතාවක් වීඩියෝ වල කියලා තියනවා අපේ අම්මා චැනලයට මාස 9කින් සබ්ස්ක්‍රයිබර්ස්ලා 100,000ක් පැමිණි බව.
මේ කියමනට පහර ගැසීම සඳහා ආරම්භ කළ මේ "A" අකුරෙන් පෙන්වන චැනලයට මාස 9න් සබ්ස්ක්‍රයිබර්ස්ලා 200,000ක් එකතු කර පෙන්වුවා. ඒ ලක්ෂ 2ක  සබ්ස්ක්‍රයිබර්ස්ලා අසාමාන්‍ය විදියකටයි පැමිනියේ. ඒ චැනල් එක දිගින් දිගටම මගේ රෙසිපීස් ටික නම් වෙනස් කරමින් කරගෙන යනවා. ඔබට පෙනෙවී මාස කිහිපයක් ඇතුලතදී අනුන්ගේ රෙසිපි වලින් විඩියෝ කරලා ඉන්න තැන.
මේ සටහන බලන විට වීඩයෝ 171ක් කරලා තියන කෙනාට එන සබ්ස්ක්‍රයිබර්ස්ලා ගණනත් වීඩියෝ 1108 කල තිබෙන අපේ අම්මා චැනලට එන සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයත් අතර වීශාල වැරද්දක් තියන බව.  "B" අකුරෙන් සඳහන් කර තියන චැනලය ගැනත් එවැනිම දෙයක් තමයි  කියන්න තියෙන්නේ. 

වීඩියෝ 171කට දවසට විවිස් 180,000ක් එනවානම් වීඩියෝ 1108 දවසට විවිස් දවසකට ලක්ෂ 11ක් පැමිණිය යුතුයි. එසේනම් මොවුන් පෙන්වන සංඛ්‍යාලේඛන නිවැරදිද? අපේ අම්මා චැනලයට දවසට පැමිණි සබ්ස්ක්‍රයිබර්ස්ලා දසදහස අඩු කළ හැටි මම ප්‍රස්ථාරයකින් පෙන්වන්නම්.
 
මට ඒක ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේ පෙන්වන්න හදන්නේ අනුන්ගේ චැනල් වල තියන විස්තර නෙමෙයි. යුටියුබ් ආයතනය විසින් සිදුකරගෙන යන පහත් ක්‍රියා කාර කමයි.
පසුගිය මාස කිහිපය තුල මගේ චැනල් එකේ වීඩියෝ බ්ලොක් කළා. ඔවුන්ගේ කුකින් චැනල් එකක මගේ විඩියෝ එකක් කොපි කරලා දාන්න දවසකට කලින් ෆෙස්බුක් එකට මම අප්ලෝඩ් කල තිබුනු සියලූම විඩියෝ නැති කලා. ඒ කථාව ඉදිරියේදී විස්තරාත්මකව කියන්නම්.  මේ කියන හැම එකක්ම සාක්ශි සහිතව ඔප්පු කරන්න සටහන් ඉදිරියේදි වෙබිසයිට් එකට දාන්නම්.

අපේ අම්මා චැනලය වීඩියෝ කරනවා නෙමෙයි අධ්‍යාපනික දැනුම ලබා දෙනවා. ජීවත් වීමට උදව් කරනවා.

SHARE