Home » » How to make bread Paan recipe Ape Amma සුපිරි බේකරි පාන්

How to make bread Paan recipe Ape Amma සුපිරි බේකරි පාන්

Monday, December 17, 2018 | 10:48 PM

 මෙතන 2017-12-18 දින අපේ අම්මා යුටියුබ් චැනල් එකට අප්ලෝඩ් කළ සුපිරි බේකරි පාන් වීඩියෝව හදන ආකාරය කෙටියෙන් අපේ අම්මා වීඩියෝවේ කියු වචන වලින්ම ලියා ඇත.
    අවශ්‍ය දේවල්
✦  පාන් පිටි ග්‍රෑම් 350 ක්‌
✦  යීස්ට් දිය කරීමට මද රස්නේ වතුර කෝප්ප 1/2 (මෙෂරින් කප්)
✦  සීනි මේස හැදි 1 ක්‌
✦ ලුණු තේ හැදි 1/2 ක්‌
✦ තෙල් මේස හැදි 1 1/2 ක්‌
✦ යිස්ට් මේස හැදි 1 ක්‌
✦  ඩෝ එකට වතුර  කප් 1/2 ක්‌



                         
සාදන විදිහ
1.  පිටි මේස හැන්දක් පමණ පැත්තකින් තියන්න, බෝඩ් ඒකට දාන්න.
2.  භාජනයක් අරගෙන එයට යීස්ට් සහ  දමා කවලම් කර එයට මද වතුර කෝප්ප 1/2 එක්‌ කර විනාඩි 7-8 ක්‌ පමණ වහලා පිපෙන්න තියන්න.
3.  යීස්ට් ඒක පිපුනාට පස්සේ තව බෝල් එකක්  ඇරගෙන  පාන් පිටි ටික එකතු කරගන්න.
4. ඉන්පසු පාන් පිටි එක මැද වලක් සේ සාදා එයට  පිපුණු යීස්ට් ටික, ලුණු කුඩු, ඔලිව් තෙල් සහ ඉතුරු වතුර ටික මෙයට එකතු කරගෙන ලී හැන්දක මිටකින්මේ දේවල් හොදට කවලම් කර  ඩෝ (පිටි මෝලියක්) එකක් සේ සාදාගන්න.
5. ඩෝ ඒකට දාන වතුර ටික ටික දාල අනන්න.
6. දැන් ඩෝ එක මෙසේ උඩට දාගෙන විනාඩි  10-12 ක්‌ පමණ අනා ගන්න. ඩෝ එක හොදට සොෆ්ට් වෙනකම් මුලින්ම අනාන්න ගද්දි ඇලෙන ගතියක් වගේ තිබුනට පිටි දාගන් එපා අතේ පිටි පොඩ්ඩක් ගාලා දිගටම සොෆ්ට් වෙනකම් නීඩ් කරන්න.
7.  අනාද්දී ඩෝ එකට වැඩිය බර දාල අනා ගන්නත් එපා
8.  අනාගත් පසු ඩෝ එක වහලා. විනාඩි 30 ක්‌ පමණ තියන්න ඩබල් සයිස් වෙන්න.
9. දැන් ඩෝ එක ඩබල් සයිස් වුණාම අතින් තට්ටු කරලා හුලන් ටික යවන්න. මේසෙ උඩට පිටි ටිකක් දාගෙන ඩෝ එකේ  10. යට පැත්ත උඩට එන සේ මෙසේ උඩට දාගන්න..ඉන්පසු  රෝලින්ග් පින්  එකෙන් එය ටිකක් දිග හැරගන්න.
11.  දැන් පාන් ඒක හදාන්න ගන්න ලෝෆ් පැන් (පාන් තැටිය ) එකේ ගානට ඩෝ  එක රෝල් කරලා  කොටයක් වගේ හදාගන්න.
12. ඉන්පසු පාන් තැටියේ එකේ බටර් ටිකක් ගාගෙන ඩෝ ඒක එකට දාගෙන. ප්ලාස්ටික් කොළයකින් (cling film) වහන්න. වහන පැත්තේ බටර් ටිකක් ගාන්න. (වහලා පිපෙන්න තියන්න) රෙද්දකිනුත් වහන්න.
13.  මට මේක පිපෙන්න විනාඩි 25 ගියා.
 --------------------------------------------------------------------
 14.  සෙල්ලියස් අංශක 200ට preheat කරගත් අවන් එකේ මෙය බේක් කරගන්න.
 15.  මුලින්ම 200 ට විනාඩි 15ක්‌ බේක් කරගන්න.
 16.  විනාඩි 15න් පසුව  175 ට heat ඒක අඩු කරලා විනාඩි 20 බේක් කරගන්න.
 17.  එතෙකාට උඩ වාටිය ෙහාදට හයියට හිටලා පාන් ඒක හොඳට බේක් වෙනවා.
 18.  විනාඩි 35ක් පස්ෙස් සුපිරි බේකරි පාන් ඒක ඒළියට ගන්නවා.
 19. කූලින් රැක් ඒකක් උඩ දාලා උඩට බටර් ටිකක් ගාලා රෙද්දකින් වහලා, නිවුනාට පස්සේ කපන්න.
★  කවදාවත් ලියපු  රෙසිපියක් විතරක් බලලා කෑමක් හදාගන්න බෑ, මම අත්දැකීමෙන් කියන්නේ. ඇහෙන් දකින්නත් ඕනේ. පාන් ගෙඩිය හදන්න ඕනෙමනම් අනිවාර්යෙයන් වීඩියෝ එක බලන්න.
 --------------------------------------------------------------------
★★  වීඩයෝ ඒක යුටියුබ් එකට අප්ලෝඩ් කළ දිනය 2017-12-18
මෙය අන්තර්ජාලෙයන් සොරාගත් බොරු ෆොටෝ එකක් නොවේ. අපේ අම්මාගේ වීඩියෝ කළ ඇත්තම ෆොටෝ සහ රෙසිපියයි.
ඔබ අලුත් කෙනෙක්නම් අපේ අම්මා පේජ් එකට ලයික් කරලා නැත්නම්. දැම්මම මතක් කරලා ලයික් එකක් දාන්න. එකකොට හැමදාම දාන රෙසිපීස් ඔබේ ෆෝන් එකට එවී.




SHARE

0 comments :

Post a Comment