Home » » Youtube views issue,complain letter

Youtube views issue,complain letter

Monday, November 13, 2023 | 11:35 AM

 

 YYoutube views issue,complain to youtube.

 


 Translation of the complain. -  යුටියුබ් එකට යැවූ ලිපියේ සිංහල පරිවර්ථනයයි මෙතන තියෙන්නේ.

 මම දන්නවා මිනිස්සු වීඩියෝ එක දැක්කොත් මගේ වීඩියෝ ක්ලික් නොකර ඉන්නේ  නැහැ, මේක හිතාමතා කරන දෙයක්. මේක සම්පූර්ණ බොරුවක්, මම විශ්වාස කරන්නේ නැහැ. මේක 2019 දීත් කළා.
ඔබ මෙම වීඩියෝ යවන්නේ ගාල්ල, මාතර, කුරුණෑගල, කළුතර, පානදුර සහ මහනුවර සම්බන්ධ පුද්ගලයින්ගේ සහ  මගේ නාලිකාවට අකමැති පුද්ගලයින්ගේ ගිණුම් වෙත පමණි. ඒ නිසා ඔවුන් වීඩියෝව ක්ලික් කරන්නේ නැහැ.තවත් දෙයක් තමයි මාධ්‍ය සමඟ සම්බන්ධ ඔබේ නාලිකා ඔවුන්ගේ වීඩියෝ විව්ස් සඳහා විදේශ රටවලට ප්‍රවර්ධනය කරනවා.

කරුණාකර මෙම වැරැද්ද නොකරන්න. ඔය කියන බොරු වලට මට කොහෙන් හිනා වෙන්න ඕනද දන්නේ නෑ. මට ලැජ්ජා නැති බොරු කියන්න එපා.

මම පසුගිය සති 3 තුළ වීඩියෝ 12ක් අප්ලෝඩ් කළා, විව්ස් බලන්න. මිලියන 2.89 කට වැඩි සබ්ස්ක්‍රයිබර්ස් සිටින නාලිකාවක මට පසුගිය සති 3 සඳහා විව්ස් 290k පමණි.
මම මගේ සියලුම වීඩියෝ විස්තරාත්මකව පැහැදිලි කරන අතර, ඉංග්‍රීසි උපසිරැසි සහ වට්ටෝරු සිංහල සහ ඉංග්‍රීසි ටයිප් කර ඇත, මම එච්චර දෙයක් කරලත්, මිනිසුන් එය ක්ලික් කරන්නේ නැත කියාද ඔබේ ගණිත ක්‍රමය කියන්නේ?

එක උදාහරාණයක් සබ්ස්ක්‍රයිබර්ස්  41 k සමඟ ඔබට සම්බන්ධ මාධ්‍ය මගින් ---------- නමින් නව චැනලයක් ඇත. කතා නොකර ගොළු බිහිරි වගේ වීඩියෝ කරන එම චැනලයේ සති 3කට ඔවුන් ලබා ගත් විව්ස් ගණන බලන්න, ඔවුන් 900 k views ලබා ගත්තා. මේ වගේ නාලිකා ගොඩක් තියෙනවා. මේ නාලිකාව කරන්නේ මාධ්‍යවේදීන්. බොරු කියන්න එපා, 41 k සබ්ස්ක්‍රයිබර්ස්  සිටින නාලිකාවකට 900 k views ලැබෙනවා. 2.8M සබ්ස්ක්‍රයිබර්ස් සිටින නාලිකාවක් වීඩියෝ 12ක් සඳහා 290 k නැරඹීම් පමණක් ලබා ගන්නා නමුත් 41 K සබ්ස්ක්‍රයිබර්ස් සිටින නාලිකාවකට විව්ස් 900k ලැබේ.

මේ ව‌ගේ යවන්නේ නැති මගේ රෙසිපීස් පුවත්පත්, රූපවාහිනිය සහ ෆේස්බුක් වල ඉතා අපුරුවට යනවා. මම ඔබේ බොරු පිළිතුරු බලාපොරොත්තු නොවෙමි, නමුත් කරුණාකර මේ විහිළුව නවත්වන්න. මේ මුළු සෙල්ලම කරන්නේ Youtube එකේ ඉන්න ශ්‍රි ලාංකිකයන්ට සම්බන්ද මාධ්‍ය. වීඩියෝ වලට විහිළු මාර්තෘකා දාලා අපේ රටේ බුද්ධිමත් මිනිස්සුන්ව රවට්ටන්න බැහැ. ඔබ කියන්න උත්සහ කරන්නේ එම මාතෘකා නිසා මිනිසුන් ඒ වීඩියෝ බැලුවා කියලා.

ඔබට මගේ නාලිකාව අවශ්‍ය නැතිනම්, මගේ නාලිකාව Youtube වෙතින් ඉවත් කරන ලෙස ඔබේ ප්‍රධානියාගෙන් ඉල්ලා සිටින්න. මගේ රටේ මිනිස්සු මගේ චැනල් එක බලනවා. බොරු කියන්න එපා.

ඔබ කරන්නේ ඔබ මගේ නාලිකාවේ සියලුම වීඩියෝ සඟවන අතර, වීඩියෝ 2000කට අධික ප්‍රමාණයක් සහිත මෙම මුළු නාලිකාවේම මට දිනකට විව්ස් 200 k ට වඩා අඩු ප්‍රමාණයක් පෙන්වන්නේ.
නමුත් යූටියුබයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන්ගේ විඩියෝ විදේෂ රටවල් වලට පෙන්වා විව්ස් අරන් දෙනවා දින 1-2 ක් ඇතුළත එය නැරඹුම් 200 k දක්වා යවනවා. (මේ සම්බන්ධව මා ලඟ ‍ස්ක්‍රීන්ෂොට් ඇත.)

මම කතා කරන්නේ අන් අයට විව්ස් ගැන ‍‍නොවේ, මම අසන්නේ මගේ වීඩියෝ මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලාට නොයවන්නේ ඇයි කියන එකයි.
2020 අවුරුද්දේ එක අවස්ථාවකදී Youtube විසින් බොරු නීතියක් පෙන්නලා ම‌ගේ චැනල් එකේ තිබුනු ‍කමෙන්ට් දස දහස් ගණනකට වඩා ඉවත් කලා. මේ තියෙන්නේ ඒ ප්‍රශ්නේ ලින්ක් එක.

ඔබ ආයතනය මේ රටේ මිනිසුන්ගේ මනස දන්නේ නැහැ. ඒකයි ඔය බොරු කියලා මට මඩ ගහන්නේ.
අනිත් දේ තමයි මම සබ්ස්ක්‍රයිබර්ස්ලා රවුම් ගාණක එන විට,මගේ වීඩියෝ සෙනඟට යවන්න‌ෙ නෑ. මෙය වසර ගණනාවක් තිස්සේ කරන ලද සිදුවීමක්.

මට 2023 සැප්තැම්බර් මාසයේදී සබ්ස්ක්‍රයිබර්ස්ලා 2.9M ලබා ගැනීමට දින 2ක් තිබියදී, මාස 1 1/2 යන තුරු එය ඇදගෙන ගියා. මෙයට ශ්‍රී ලංකාවේ මාධ්‍ය, යූ ටියුබ් සහ ෆේස්බුක් සියළු දෙනාම එකතු වුනා, මට ඔය සබ්ස්ක්‍රයිබර්ස්ලා ගැන වද වෙන්න අවශ්‍ය නෑ. එහෙත් ඔවුන් මට සබ්ස්ක්‍රයිබ් වෙන්නේ මගේ රෙසිපිය බලලා උයනන් ඉගෙන ගන්නයි. එහෙනම් මගේ වීඩියෝ ක්ලික් කරන්නේ නැද්ද,?
 ඔබ මගේ වීඩියෝ මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා වෙත යැවිය යුතුය. යූටියුබයේ සිටින ශ්‍රී ලාංකිකයින් බොරු කරන්න එපා.

අපේ ඇඩ් එකක් යූටියුබයට සල්ලී දිලා යවනවානම්, යූටියුබය අපෙන් අහන ප්‍රශ්ණ කිහිපයක් තියෙනවා.
1. විඩියෝ එක යවන්න කැමති රට කුමක්ද?
2. කුමණ භාෂාවකටද?
3. මොන වගේ රසිකයන්ටද යවන්න ඔනේ.
එහෙනම් ඇලගොරිදම් එකෙන් පිට මේ ක්‍රමයට ඔබ කැමති අයගේ වීඩියෝ කැමති ක්‍රමයට යවන්න පුලුවන්.

සාක්ෂි මම වෙබ්සයිට් එකට ඇතුලත් කරනවා.


SHARE

0 comments :

Post a Comment