Home » » යුටියුබයේ අමුතුම පළිගැනීමක් (26හේ වෛරය) Youtube 26k views

යුටියුබයේ අමුතුම පළිගැනීමක් (26හේ වෛරය) Youtube 26k views

Monday, January 18, 2021 | 10:12 AM

යුටියුබයේ අමුතුම පළිගැනීමක් (26හේ වෛරය) 

 සාමාන්‍යයෙන් ලක්ෂ 17 ඉන්න චැනලයක වීඩියෝ එකක් අප්ලෝඩ් කළොත්, අප්ලෝඩ් කළ පළමු දින සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 17න් ලක්ෂ 5කට ගියානම් අඩුම ගණනේ ලක්ෂයක් බලනවා ඇත. මේ පෙන්වන්නේ වීඩියෝ එක අප්ලෝඩ් කර මාස ගණන් අවුරුදු ගණනට පසු 26දාහ යන ගුප්ත අංකයකින් විඩියෝ නතර කර ඇති ආකාරයයි.

මේ පහතින් සඳහන් කර තියෙන්නේ යුටියුබයේ පළිගැනීමට හසු වූ අපේ අම්මාගේ වීඩියෝ පෙළක්. (තව රාශියක් ඇත ඉදිරියේදි සඳහන් කරන්නම්.) අපේ අම්මා ඇතුළු කණ්ඩායම මෙවැනි විඩියෝ කරන්න බොහෝ සේ වෙහෙසෙනවා. කැමරා එකක් වහලේ එල්ලලා පාන් පිටි ටිකක් අරගෙන බොරු බොරු නම් දාලා කරන විහිළු රෙසිපි නෙමෙයි. මේ පහත සඳහන් රෙසිපීස් බැලුවොත් ඔබට පුදුම හිතෙයි මේවා නැරඹූ ප්‍රමාණය වීඩියෝ එක යන Views යන අකුරු වලින් සඳහන් කර ඇත.  ඒ සමඟම දිනයත් ඇත.

 


මාස ගණනට අවුරුදු ගණනට ලක්ෂ 17.7 ඉන්න චැනල් එකේ 26දාහකින් නතර කළ මේ වීඩියෝ පෙළේ විශේෂත්වය කුමක්ද? ඇයි යුටියුබය මෙවැනි දෙයක් කරන්න හේතුව? මේ තමයි පළිගැනීම........(ඇගේ වෛරය) යුටියුබයේ ශ්‍රී ලාංකිකයන්ට සම්බන්ධ කුකින් චැනල් එකක් කරලා වැරදුනු රෙසිපීස් මම හරියට කළාම ඒවා යුටියුබයේ පලි ගැනීමට හසු වෙනවා. ඒකට ඔවුන් කියන නම තමයි ඇල්ගොරිදම්. මේ හැම වීඩියෝවේම යුටියුබයේ තිබෙන ප්‍රස්ථාරය පෙන්වුවහොත් ඔබට පෙනේවි වීඩියෝ එක පළවෙනි දවසේම බිම දමා ඇති ආකාරය.  2019 ජනවාරි සිට මෙය දිගටම සිදු වුනා. 

 මේ 26හේ වෛරයට අමතරව තවත් වෛරයෙන් පහත දැමූ වීඩියෝ රාශියක් ඇත ඒවා ඉදිරියේදී පෙන්වන්නම්.

මා මෙය "මැර ක්‍රියාවක්" ලෙස සහ "කාන්තා හිංසනය" ලෙස දකිනවා. මේ චැනලය පටන් ගත් දින සිටම ශ්‍රී ලාංකිකයන් කළ නොපනත්කම් මා ඉවසා දරාගෙන සිටියා. (මට ඔවුන් කළ දේවල් ඔවුන්ගේ මවට සිදුවුනානම් ඇය ඉන්නේ අංගොඩ මානසික රෝහලේය, ඒ තරම් දරුණු ක්‍රියාවන්.) මොවුන්ගේ නායකයෝ කාන්තා අයිතිවාසිකම් ගැන නිතර නිතර කෑ මොර දෙන අයයි. යුටියුබය වැනි ආයතනයකින් මෙවැන්නක් මා කිසි දිනක බලාපොරොත්තු වූයේ නැත. මෙය පුංචි උදාහරණයක් පමණි
මොවුන්ගේ ඊළඟ ක්‍රියාව වන්නේ, ප්‍රධාන නායිකාව සහ වෙනත් තරුණ ගෑනු පිරිමි ලමයි ලවා. මේ රෙසිපීස් ටිප්ස් සමඟ කරවා මෙහි ඇති නම නොදමා වෙනත් නමකින් අප්ලෝඩ් කිරීමයි. ඉන්පසු ඔවුන්ගේ කණ්ඩායම ලවා කරවූ මගෙන් කොපි කළ වීඩියෝ ලක්ෂ ගණනකට පෙන්වයි. (ඉන්පසු මම ඔවුන්ගෙන් කොපි කරනවා කියා මිනිසුන් නොමග යවන වීඩියෝ දමා ඇත.)

අපේ අම්මා චැනලය පටන් අරන් දැනට අවුරුදු 4ක් මේ ආකාරයෙන් අපේ අම්මා රෙසිපීස් සබ්ස්ක්‍රයිබර්ස්ලාට යවන්නේ නැතුව.  ලංකාවේ සිටින කුකින් චනැල් වලට සම්බන්ධ පිටරටවල් වල සිටින, වෙනත් භාෂාවලින් වීඩියෝ කරන, (ටැමිල්. ඉන්ග්ලිෂ්) ඔවුන්ගේ යාළුවන් ලවා කරවයි.  එසේ කරවා සමහර රෙසපීස් ලක්ෂ ගණනට වඩා පෙන්වයි.  මෙය දිගින් දිගටම කරගෙන ආ මැර ක්‍රියාවකි.

පිටරට අය ලවා කරවා පෙන්වන්නේ විදේශිකයන්ටය. යුටියුබ් හා යුටියුබයේ සිටින ශ්‍රී ලාංකිකයන්, වෙලඳ දැන්වීම් හා වෙළඳ දැන්වීම් නිෂ්පාදනය කරන ආයතන සමඟ එක්ව වැරදි ගමනක් යමින් සිටි. ඔවුන් ඕන වෙළදාමක් කළත් මට ප්‍රශ්නයක් නැත. ඒක ඒ අයගේ ජීවනෝපායයි. එහෙත් "අපේ අම්මාව" කපාගෙන යාම තමයි කරන නරක ක්‍රියාව.
 මා කළ වීශේෂ රෙසිපීස් එක්තරා කාන්තාවක් කරන චැනලයක් හරහා සහ තවත් තරුණියන් කිහිප දෙනෙක් හරහා කරවා  ඒවා ඇතුලේ විවිධ බඩු භාණ්ඩ පෙන්වා. දින කිහිපයක් සති කිහිපයක් තුල ලක්ෂ ගණනකට පෙන්වයි. 

එපමණක්ද නොව. ඒ තුලින් එම චැනල් වලට සබ්ස්ක්‍රයිබර්ස්ලා, ලයික් සහ නරඹන ප්‍රමාණය වැඩි කර දෙයි. මෙයට යුටියුබයේ සිටින ශ්‍රී ලාංකිකයන් පමණක් නොව, ලෝකයේ විවිධ රටවල් වලින් පැමිණ යුටියුබ් ආයතනයේ සේවය කරන අනිත් අයගේද සහයෝගය ඇත.
මෙය අපේ අම්මාට පමණක් සිදුවන දෙයක් නොවෙයි. වෙනත් රටවල් වලද මේ ආකාරයේ සිදුවීම් සිදුවෙයි. එම නිසා එම ආයතනයේ අය සැවොම සෑම රටකම  ව්‍යපාරිකයන්ගේ පැත්තට බරව කටයුතු කරයි.
අපේ රටේ ව්‍යාපාර කරන ආයතන සහ වෙළඳ දැන්වීම් කරන ආයතන වලට අපේ අම්මා චැනලය හිසරදයක් වී ඇත. ඒයට හේතුව අපේ අම්මා චැනලය වෙළඳ දැන්වීම් නොකරන නිසාය.

මගේ එසේ පහත දැමූ විශේෂ විඩියෝ මා වෙනමම පෙන්වන්නම්. එපමණක්ද නොව යුටියුබය මගේ විඩියෝ බ්ලොක් කරලා තිබුනා. ෆේස්බුක් එකට ශෙයා කරපුවා නැති කර තිබුනා. මගේ වීඩියෝ යට නරඹන්නන් දාන කමෙන්ට් නැති කර තිබුනා. තව බොහෝ දේවල් කළා.  මේ හැම දෙයකටම ස්ක්‍රීන් රෙකෝඩින් සමඟ සාක්ෂි ඇත.
දැන් යුටියුබය මට මගේ ෆෑන්ස්ලා දැමු පරණ කමෙන්ට් ඉවත් කිරීමට පිඹුරු පත් සකස් කරමින් සිටි. ඒ ගැන විස්තර  සාක්ෂි සහිතව සදහන් කරන්නම්.


එක මාසයක් අතුලත මේ චැනල් වල වීඩියෝ බැලු පුමාණය පසුව මම සඳහන් කරන්නම් ඉන්පසු ඔබට පෙනෙවි වැඩියෙන් සල්ලි හොයලා තියෙන්නේ කව්ද කියා. මා එසේ පවසන්නේ. යුටියුබය ඇතුලේ සිටින ශ්‍රී ලාංකිකයන්. ඔවුන්ගේ මව් චැනලය හා එක්ව කිහිප වතාවක් අපේ අම්මා වැඩියෙන් සල්ලි හොයනවා කියා මඩ වීඩියෝ දැමු නිසාය.

මතු සම්බන්ධයි.

යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය http://www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? http://www.apeamma.com/2021/04/blog-post.html යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න http://www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් http://www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. http://www.apeamma.com/2021/01/blog-post.html සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. http://www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html


 

SHARE

1 comments :