Home » » හතර දෙනෙක්ටනම් සතියකට අත්‍යවශ්‍ය බඩු මල්ල Budget Shopping list by Ape Amma

හතර දෙනෙක්ටනම් සතියකට අත්‍යවශ්‍ය බඩු මල්ල Budget Shopping list by Ape Amma

Monday, March 23, 2020 | 12:18 AM


හතර දෙනෙක්ටනම්  සතියකට

1. පොල් ගෙඩි 3-4 ක්
2. තමන් කන හාල් වර්ගය කිලෝ 5ක් පමණ
3. කරවල හො මස් මාළු
4. රෝගින් සඳහා අවශ්‍ය බෙහෙත්
5. මිරිස් කුඩු ග්‍රෑම් 200
6. කෑලි මිරිස් ග්‍රෑම් 200
7. චිකන් කරි කුඩු ග්‍රෑම් 200
8. තුනපහ කුඩු ග්‍රෑම් 200
9. කහ කුඩු ග්‍රෑම් 100
10. වේලිච්ච ඉඟුරු කුඩු ග්‍රෑම් 100යි
(ඉඟුරු කොත්තමල්ලි පානය හදාගන්න)
11. ගම්මිරිස් ඇට ග්‍රෑම් 50
12. සූදුරු ඇට ඇට ග්‍රෑම් 50 (තෙම්පරාදුවලට)
13. කොත්තමල්ලි ඇට ග්‍රෑම් 250 (තම්බා බොන්න)
14. උළුහාල් ග්‍රෑම් 100
15. අබ ඇට ග්‍රෑම් 50
16. සියඹලා ග්‍රෑම් 100
17. ගොරකා ග්‍රෑම් 100
18. කරදමුංගු, කරාබුනැටි, කුරුඳු පොතු
(තුනපහ බඩු කඩේ මේ තුනම කලවම් පැකට් තියනවා 2-3ක් ගන්න)
වෙන වෙනම ගන්න පුලුවන්නම් ග්‍රෑම් 50 ගනේ අරගන්න.

බෙහෙත් කඩෙන් ගන්න දේවල්.
පත්පාඩගම් ග්‍රෑම් 100
වෙනිවැල් ගැට ග්‍රෑම් 200
කටවැල්බටු ග්‍රෑම් 50
දුම් ඇල්ලීම සඳහා දුම් කුඩු


19. ලුණු කුඩු (කැට) පැකට් 1-2
20. අමු ඉඟුරු  ග්‍රෑම් 250
21. අමු කහ (බෙහෙත් කඩේ පොලේ තියනවා) ග්‍රෑම් 50 - 100
22. සුඳුළුෑණු ග්‍රෑම් 250
23. බී ළුෑණු ග්‍රෑම් 500
24. රතු ළුෑණු ග්‍රෑම් 250
25. රම්පේ
26. කරපිංචා
27. දෙහි
28. අමු මිරිස්
29. සේර ගස් 2ක්
30. පලා වර්ග
(පොලට ගියාම කොස් මදුළු තියනවානම් අරගන්න. ඖෂධීය කොස් මැල්ලුම
හදන හැටි කියලා දීලා තියනවා)
31. පරිප්පු කිලෝ 1යි
32. රුලං කිලෝ 2යි (රුලං පිට්ටු, රුලං ඉට්ලි, රුලං උප්පුමා,
රුලං පුඩින් අපේ අම්මා චැනල් එකේ තියනවා බලලා හදාගන්න)
33. එළකිරි පැකට් 1-2ක් (කැමතිනම් බෝතල ගන්න)
34. රතු කව්පි  ග්‍රෑම් 500
35. සුදු කව්පි ග්‍රෑම් 500
36. රතු කොණ්ඩ කඩල ග්‍රෑම් 500
37. සුදු කොණ්ඩ කඩල ග්‍රෑම් 500
38. කඩල පරිප්පු  ග්‍රෑම් 500 (පරිප්පු වඩේ හදාගන්න.)
39. රටකජු (රටකජු වලින් හදන රෙසිපීස් තියනවා බලන්න.)
40. කඩේ තියනවානම් කිඩ්නි බීන්ස් ගන්න ග්‍රෑම් 250
41. පොප් කෝන් ඇට  ග්‍රෑම් 500 (කට්ටිය එකතු වෙලා විනාඩි 5න් හදාගන්න අපේ අම්මා චැනල් එකේ තියනවා)
42. කුරක්කන් පිටි පැකට් 1යි. (කුරක්කන්  කැඳ, රොටි අපේ අම්මා චැනල් එකේ තියනවා.)
43. පොල් තෙල් බෝතලයක්
44. සැමන් ටින් 2යි
45. වෙජිටේරියන් අය නම් සෝයා පැකට් 2ක් ගන්න.
46. බිත්තර 10ක්
47. බටර් හෝ මාගරින් අවශ්‍ය ප්‍රමානයට (පැකට් 1ක්)

වෙනදා යන ප්‍රමාණයට මේ බඩු ගන්න
48. සීනි
49. කිරි පිටි
50. තේ කොළ
51. කෝපි
52. හකුරු ග්‍රෑම් 500ක් (බෙහෙත් පාන වර්ග බොන්න )
(රුපියල් 125-150කට ගන්න පුලුවන්)

53. ඉටිපන්දම් 5ක් විතර
54. ගිනිපෙට්ටි 1-2
55. බූමිතෙල් බෝතල් 2යි


කරවල
56. හාල්මැස්සෝ නම් ග්‍රෑම් 100
57. කීරමීන් ග්‍රෑම් 100
58. කට්ට කරවල තලපත් කරවල කැමතිනම් ග්‍රෑම් 100


59. පිට්ටු හදන්න සුදු හාල් පිටි පැකට් 1යි (චැනල් එකේ තියනවා බලලා හදාගන්න)
60. ඉඳිආප්ප පිටි පැකට් 1
(අපේ අම්මා චැනල් එකේ විනාඩි 12න් ඉඳිආප්ප හදන හැටි තියනවා. බලලා හදාගන්න)
කඩල පිටි පැකට් 1
61. ආටා පිටි පැකට් 2යි ( චැනල් එකෙ පරෝටා, රොටි, තෝසේ තියනවා. බලලා හදාගන්න)
62. ආටා පිටි නැත්නම් කැමති කඩල වර්ගයක් වැඩිපුර අරගෙන තම්බලා කන්න.
63. සබන්, දත් බෙහෙත්
64. බිස්කට් වර්ග
සැලකිය යුතුයි ; (ඉතාලි කෑම පැස්ටා,මැකරෝනි, ස්පැගටි වගේ පෝෂණයක් නැති කෑම මේ දවස් වල කන්න එපා.)



Food storing playlist
https://www.youtube.com/watch?v=yObGlia5RS4&list=PLvtttVIPwSWVEmGHvGWCgj2l51XQaXjge

 Vegetarian recipes
https://www.youtube.com/watch?v=ETgj2GApsHE&list=PLvtttVIPwSWW5O7aCSOJ-UpV4fN1M0LoU

Karavala recipes
https://www.youtube.com/watch?v=rG6QPkEKGf8&list=PLvtttVIPwSWX0YVq8az8CdKhdZ7zDn9Iw

Kulubadu recipes (Spices)

https://www.youtube.com/watch?v=rG6QPkEKGf8&list=PLvtttVIPwSWX0YVq8az8CdKhdZ7zDn9Iw


SHARE

8 comments :

  1. හරිම ප්‍රයොජනවත්..ඔබ තුමියට බෙහෙවින් පින්.........තෙරැවන්සරණයි.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ඇත්තටම අපවගේ අයට හරිම ප්‍රායෝගිකයි ඔබතුමිය මෙම කරන සේවාව.තෙරුවන් සරණයි !

    ReplyDelete
  4. ගොඩාක් වැදගත්..ඔබ තුමියට බොහොම පින්.

    ReplyDelete
  5. හරිම වැදගත්.ඔබතුමියට බොහොම පින්.

    ReplyDelete
  6. Thank you very much for your kind tips......May the tripple gem bless you.

    ReplyDelete